දේශීය පුවත්

ජපානයේ දී පැවැත්වෙන පැරා ඔලිම්පික් තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් ජයග්‍රහණය කළ දිනේෂ් ප්‍රියන්තට ශ්‍රී ලංකා යුද හමුදාවෙන් උසස්වීමක් ලබා දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව දිනේෂ් ප්‍රියන්ත, සාමාන්‍ය සෙබලෙකුට ලැබෙන ඉහලම උසස් වීම වන සාජන් නිලයේ සිට ‘බලලත් නිලධාරි 01’ දක්වා උසස් කර ඇති බව වාර්තාවේ.

මෙම උසස්වීම පිරිනමා ඇත්තේ ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය මත යුද හමුදාපතිවරයා විසින් මෙම උසස්වීම පිරිනමා ඇති බව වාර්තා වේ.

දිනේෂ් ප්‍රියන්තගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සුබ පැතුම් එක් කරමින්,

“පැරාලිම්පික් තරගාවලියට සහභාගීවීමට ප්‍රථම පැමිණ මාව හමු වුනා. ඒ අවස්ථාවේදී මේ වීරෝදාර රණවිරුවා ප්‍රකාශ කර සිටියේ ඔහු විසින් රන් පදක්කම අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන බවයි. ඔහු නියෝජනය කරන අප ගජබා රෙජිමේන්තුව මම, රටේ ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා තිදෙනාම සේවය කරපු සේවය කරන රෙජිමේන්තුවට අයත්. අපේ උණුසුම් සුභ පැතුම් පිරිනමනවා” යනුවෙන් පවසා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More