මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බව පැවසෙන ඉෂාලිනී නම් දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගේ බිරිඳ වන කිදර් මොහොමඩ් සියාබ්දීන් අයීෂා යන අය ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් නිතීඥවරුන් කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (30) ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
සිද්ධියට අදාළ දෙවැනි සැකකරු වන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මාමණ්ඩිය වන අලි ඉබ්‍රාහීම් සායිබු කිදර් මොහොමඩ් සිහාබ්දීන් සහ හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ වන කිදර් මොහොමඩ් සියාබ්දීන් අයීෂා යන අයට ඇප ලබ දෙන ලෙසට ඔවුන්ගේ නිතීඥවරු අද (30) අධිකරණයට මෝසම් පත්‍රයක් ඉදිරිපත් කරණු ලැබීය.
මෙම සිද්ධියේ තෙවැනි සැකකාරිය වන ඇයගේ මව කොවිඩ් රෝගය වැළැඳී ඇති බවට අනාවරණය වී ඇති බවත් ඒ හේතුවෙන් තම සේවාදායිකාවගේ දරුවන් අනාරක්ෂිත වී ඇති බැවින් ඇයට ඇප ලබා දෙන ලෙසත් ඉල්ලමින් නිතීඥවරුන් කළ ඉල්ලීමක් මහේස්ත්‍රාත්වරිය එසේ ප්‍රතික්ෂේප කළාය.
ඉදිරිපත් වී තිබූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය අධිකරණය නොමග යවමින් ඇප ඉල්ලීම් සිදුකළ බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරුවන් ලබන 06 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.
ඒ අනුව, අංක 410/16, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයෙහි පදිංචි හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ බිරිඳ කිදර් මොහොමඩ් සියාබ්දීන් අයීෂා, ඇගේ පියා අලි ඉබ්‍රාහීම් සායිබු කිදර් මොහොමඩ් සිහාබ්දීන්, ඇගේ සහෝදරයා කිදර් මොහොමඩ් සියාබ්දීන් ඉස්මත් සහ ඉෂාලිනි දැරිය කොළඹට ගෙනා තැරැව්කරු පොන්නයියා බන්ඩාරම් නොහොත් ‘සංඛර්’ පොලීසිය යන අයවලුන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...