දේශීය පුවත්

2021 අගෝස්තු 26දා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයවීමෙන් රැස්වූ කොවිඩ්-19 තත්වය හා ඉදිරිමග පිළිබඳ හයවන ස්වාධීන තාක්ෂණික විශේෂඥ කණ්ඩායමේ රැස්වීම හරහා ඇඳිරි නීතිය ඔක්තෝබර් 2දා දක්වා දීර්ඝ කිරීමට නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

දැඩි ක්‍රියාමාර්ගයක් වශයෙන් සැප්තැම්බර් 18දා දක්වා හෝ දීර්ඝ කළ යුතු බව ඔවුහු පවසති.

මෙම රැස්වීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙහෙයවන ලදමුත්, එමගින් අනිවාර්යයෙන් එම සංවිධානයේ මතය ඉදිරිපත් නොවන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ගූගල් සිතියම්, ජංගම දුරකථන හා ෆේස්බුක් ඔස්සේ ලබාගත හැකි සංචලන දත්ත භාවිතා කරමින් වඩාත් වැදගත් ක්‍රියාමාර්ග හඳුනාගෙන ඒවා තීව්‍ර කිරීම හරහා සංචලනය අවම කිරීම සඳහා කටයුතු කරන ලෙස ද එම පිරිස නිර්දේශ කර තිබේ.

එන්නත්කරණය සම්පූර්ණ කිරීමට, ඵලදායී රෝගී ප්‍රමුඛතා ක්‍රමවේදයක් සම්පාදනය කිරීමට හා නිවසේ සිට රෝගීන් කළමනාකරණය කිරීමේ ක්‍රමවේදය ප්‍රශස්ථ කිරීමටත් හා රුධිරයේ ඔක්සිජන් මට්ටම පහත වැටීම නිරීක්ෂණය කිරීමටත් ඔවුන් නිර්දේශ කර තිබේ.

සීමාකිරීම් සැප්තැම්බර් 18දා දක්වා දීර්ඝ කිරීමෙන් මරණ 7,500ක් ද, ඔක්තෝබර් 2දා දක්වා දීර්ඝ කිරීමෙන් මරණ 10,000ක් ද වළක්වාගත හැකි බව මෙම විශේෂඥවරු පෙන්වාදෙති. ඇඳන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හා ඔක්සිජන් වැනි ඉතා වැදගත් සැපයුම් හිඟවීම වැනි හේතු මත ඇතිවන අධික පීඩනයෙන් මිදීම සඳහා සෞඛ්‍ය පද්ධතියට යම් කාලයක් ලැබෙනු ඇති බව ද ඔවුහු පවසති.

ඔක්තෝබර් 02දායින් අවසන් වන සති හයක සීමාකිරීම හේතුවෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 2.22ක හෙවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.5%ක හානියක් ආර්ථිකයට වන බව තක්සේරු ඉදිරිපත් කර තිබෙන මෙම කමිටුව පවසන්නේ ගෝලීය හා දේශීය සාක්ෂි මගින් පෙන්නුම් කරනුයේ සීමාකිරීම් ඉවත් කිරීමෙන් පසු ආර්ථිකයන් ඉක්මණින් යථා තත්වයට පත්වන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක හා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කෝවිඩ්-19 සූදානම හා ප්‍රතිචාර (SEAR) පිළිබඳ විශේෂ නියෝජිත වෛද්‍ය පාලිත අබේකෝන් විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහනෙහි සභාපතිත්වය දරනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය අලකා සිං විසිනි.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ, මහාචාර්ය අසිත ද සිල්වා, මහාචාර්ය සරෝජ් ජයසිංහ, මහාචාර්ය ඉන්දික කරුණාතිලක, මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය කාමිනී මෙන්ඩිස්, මහාචාර්ය මලික් පීරිස්, මහාචාර්ය මනුජ් වීරසිංහ, මහාචාර්ය අතුල සුමතිපාල, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්දුනීසියා වෛද්‍ය නිලධාරි පබා පලිහවඩන, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති පද්මා ගුණරත්න, මහජන සෞඛ්‍ය විශේෂඥ හා සර්වෝදය සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න ඇතුළු විශේෂඥයන් පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More