දේශීය පුවත්

වෙළෙඳ පොළේ අළෙවිය සඳහා තිබූ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ප්‍රමිතියෙන් තොර ඔක්සි මීටර 5200 ක් පසුගිය දෙමසක කාලය තුළ අත්අඩංගුවට ගෙන අධිකරණ කටයුතු සඳහා යොමුකර තිබෙන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

පුද්ගලයෙකුගේ ශරීරයේ ඇති ඔක්සිජන් මට්ටම මැනීමට උපයෝගි කරගන්නා මෙම උපකරණ වලට කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ අධික ඉල්ලුමක් ඇති වීමත් සමඟ ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණ තිබෙන බවට ඖෂධ නියාමන අධිකාරිය මගින් අදාළ වැටලීම් සිදුකර ඇත.

වලාන දූෂණ මර්දන අංශය මගින් ලබාදුන් තොරතුරකට අනුව ප්‍රමිතියෙන් තොර ඔක්සි මීටර මෙරටට ගෙන්වා බෙදාහරින ව්‍යාපාරිකයින් තිදෙනෙකු පසුගිය ජූනි මස 12 දින පිටකොටුවේ දී ඔක්සි මීටර 3500 ක් සමඟ අත්අඩංගුවට ගත් බවත් ඉන් අනතුරුව අඛණ්ඩව සිදුකළ වැටලීම් මගින් ඖෂධ අළෙවිසල් වල විකිණීමට තිබූ තවත් ඔක්සි මීටර 1700ක් අත්අඩංගුවට ගත් බවත් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක සහ නීති ක්‍රියාත්මක කිරීමේ අංශයේ අංශ ප්‍රධානි අමිත් පෙරේරා පවසයි

කොවිඩ් වෛරසය තමන්ට ආසාදනය වී ඇතැයි සැකකරන පුද්ගලයින් තම ශරීරයේ ඔක්සිජන් මට්ටම සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකළ යුතු බවට වෛද්‍යවරු පෙන්වා දී තිබෙන බැවින් බොහෝ පිරිස් නිවසේදීම එය නිරීක්ෂණය කරගැනීම සඳහා ඔක්සි මීටර මිලට ගැනීමට පෙළඹී සිටින බවත් මේ නිසා එම උපකරණ වලට පවතින අධික ඉල්ලුම ප්‍රයෝජනයට ගෙන කූඨ වෙළෙඳුන් බාල වර්ගයේ නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කිරීමට පෙළඹී තිබෙන බවත් ඔහු පැවසීය.

ප්‍රමිතියෙන් තොර මෙම බාල වර්ගයේ ඔක්සි මීටර වලින් නියමිත මාපාංක නොලැබෙන බැවින් ඒවා භාවිත කරන පුද්ගලයින් වැරදි තීන්දුවලට යොමු වීමේ වැඩි ප්‍රවනතාවක් පවතින බවද හෙතෙම අවධාරණය කළේය

මහරගම, නුගේගොඩ, බත්තරමුල්ල, මාලඹේ සහ කඩුවෙල යන ප්‍රදේශවල පිහිටි ඖෂධ අළෙවි සැල් 12 ක් පසුගිය සති අන්තයේ පරීක්ෂාවට ලක්කළ බවත් ඉන් හතරක තිබී ප්‍රමිතියෙන් තොර ඔක්සිමීටර සොයාගත් බවත් කී අමිත් පෙරේරා ඒවා රුපියල් 3000.00 – 3500.00 අතර මුදලකට අළෙවි කර තිබෙන බව ද පැවසීය.

වගකීම් සහතියක් නොමැතිව අළෙවි කරන මෙම ඔක්සිමීටර ඖෂධ අළෙවි සැල් වලට බෙදාහැර තිබෙන්නේ බිල්ගත කිරීමකින් තොරව බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවංශ, එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ ගේ උපදෙස් මත ආහාර හා ඖෂධ පරීක්ෂකවරු සහ ඖෂධ නියාමන අධිකාරියේ බලයලත් නිලධාරීන් මෙම ප්‍රමිතියෙන් තොර ඔක්සි මීටර සොයා දිවයින පුරා වැටලීම් සිදුකරයි.

තත්ත්වයෙන් උසස් නියම ඔක්සි මීටර රාජ්‍ය ඔසු සළෙන් මිලට ගත හැකි බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More