වරක් භාවිත කර ඉවතකරන ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන 07ක් තහනම් කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හෙට (30) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ප්ලාස්ටික්වලින් සකස්කරන ලද බීමබට, හැඳි, බීම කොප්ප, ගෑරැප්පු, පිහි, ඉදිආප්ප වට්ටි සහ ප්ලාස්ටික් හා පොලිතීන්වලින් නිර්මිත මල්මාලා යනාදිය මීට ඇතුලත්ය.
ඉකුත් මාර්තු මස 31වන දින සිට ෂැශේ පැකට් ඇතුළු එක්වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන පහක් තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගත් අතර අගොස්තු මස පළමුවැනි දින සිට දිරාපත් නොවන, ලන්ච්ෂීට් ද තහනම් කිරිමට පියවර ගෙන තිබුණි.
වාර්ෂිකව මෙරට තුළ පොලිතීන් බෑග් කෝටි 200 ඉක්මවන ප්‍රමාණයක් පරිසරයට බැහැර කෙරෙන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...