කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ගතවූ වසරක පමණ කාලයේ දී ශ්‍රී ලංකාවට සිදු වූ ආර්ථික හානිය රුපියල් බිලියන 1,500ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශය ලේකම් එස්.ආර්.ආටිගල මහතා සඳහන් කරයි.
2020 මාර්තු මාසයේදී කොරෝනා වසංගතය මෙරට ආරම්භ වූ කාලයේ සිට මේ දක්වා ඒ සඳහා විවිධ වියදම් දරා තිබේ.
එන්නත් මිලදී ගැනීම, සහන සේවා, තාක්ෂණික සේවා සැපයීම, ප්‍රතිකාර මධ්‍යස්ථාන, නිරෝධායන මධ්‍යස්ථාන නඩත්තුව රජයේ නව වියදම් ලැයිස්තුවට එක් වූ බවද ඒ මහතා සඳහන් කළේය.
නමුත් ඊට සාපේක්ෂව රටේ ආර්ථික වර්ධනය අඩාල වී ඇති බවත් 2020වසරේ අපේක්ෂා කළ ආර්ථික වර්ධනය 5%ක් වූ වුවද ලැබුණු ආර්ථික වර්දනය -4% වූ බවත් ඔහු කියා සිටියේය.
එම කාලයේ දී සංචාරක ආදායම් මෙන්ම සෙසු අපනයන ආදායම් මුලින් ලැබෙන ආදායම පහළ ගිය බවත් පෙන්වා දුන් ඔහු එම සියලූ තත්ත්වයන් මත කොරෝනා වසංගතය හේතුවෙන් ජාතික ආර්ථිකයට මෙතෙක් සිදු වූ හානිය රුපියල් බිලියන 1,500ක් පමණ යයිද තව දුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
තව තවත් වහගෙන හිටියොත් තවත් පාඩු වෙනවා ඉක්මනට අරිමු.