අහස උසට ගොස් ඇති ශ්‍රී ලංකාවේ වාහන මිල ඉහළ යාම හමුවේ ඊට අපූරු විසඳුමක් ලබාදෙමින් විදුලියෙන් පමණක් ධාවනය වන ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නවතම ත්‍රිරෝද රථයක් ලබන වසරේ අප්‍රේල්-මැයි මාසය පමණ වනවිට මෙරට වෙළෙඳපොළට හඳුන්වා දීමට Vega innovations සමාගම සූදානම් වෙයි.
විදෙස් රටල් කිහිපයකින් ද දැනටමත් ඉල්ලුමක් ලැබී ඇති මෙම නවතම පරිසර හිිතකාමී නිෂ්පාදනය හරහා, කොවිඩ් වසංගතය හේතුවෙන් දැවැන්ත ඩොලර් අර්බුදයක සිටින ශ්‍රී ලංකාවට ඩොලර් ගලාඑන අගනා මාර්ගයක් බවට පත්කරගැනීමට හැකියාව පවතින අතර රට තුළට වසරකට ඩොලර් බිලියන ගණනක ආදායමක් උපයාගැනීම සඳහා මෙය කදිම අවස්ථාවක් වනු ඇත.
ලබන ජනවාරි මාසය වනවිට ත්‍රිරෝද රථ 7ක් මුළුමනින්ම නිෂ්පාදනය කිරීමටත් තවත් එකලස් කරන ලද ත්‍රිරෝද රථ 3ක් දිගු කාලයක් අඛණ් එහි අධ්‍යක්ෂ ආචාර්ය බේෂාන් කුලපාල මහතා පවසයි.
මෙම ත්‍රිරෝද රථය විදේශ වෙළෙඳපොළ ඉලක්ක කරගෙන නිෂ්පාදනය අරඹන අතර මෙරට ජනතාවට පහසු මිලකට අඩුම පිරිවැයකින් ධාවනය වන සැපපහසු හා භාණ්ඩ ද රැගෙන යා හැකි පරිදි මෙය නිපදවන බව අධ්‍යක්ෂවරයා කියාසිටී.
වේගා සමාගම විසින් මෙම විදුලි ත්‍රිරෝද රථය සැලසුම් කර, නිෂ්පාදනය ද මෙරට තුළම සිදුකිරීමට අපේක්ෂා කරයි. දැනටමත් මේ සඳහා අප්‍රිකාවේ ඉල්ලුමක් ලැබී ඇනවුම් සඳහා විමසුම් කෙරෙන බව හෙතෙම අනාවරණය කළේය.
මෙම ත්‍රිරෝද රථය මුළුමනින්ම විදුලියෙන් ධාවනය වන බැවින් ඒ සඳහා එන්ජිමක් නැත. එක් වරක් චාර්ජ් කිරීමෙන් කිලෝ මීටර් 120 ක් අවම වශයෙන් ධාවනය කළ හැකි ය. වහළය මත සවිකළ සූර්ය පැනලය මගින් අව්වේ ධාවනය වෙමින් තිබියදී හා අව්වේ නවතා තිබියදී චාජ් වීමක් (ආරෝපණයක්) සිදුවන බැවින් අමතර දුරක් ධාවනය සඳහා එය ඉවහල් වෙයි.
රටට වසරකට ඩොලර් බිලියන ගණනක ආදායමක් උපයාගැනීම සඳහා එක් වරක් චාර්ජ් කිරීමෙන් කිලෝ මීටර් 120 ක් ධාවනය කළ හැකි විදුලි ත්‍රිරෝද රථයක් නිෂ්පාදනය කිරීම ශ්‍රී ලංකාවේ ආරම්භ කළ බව Vega innovations සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය බේෂාන් කුලපාල මහතා අනාවරණය කරයි.
මෙම විදුලි ත්‍රිරෝද රථය ලබන වසර මැද වනවිට ශ්‍රී ලංකාවේ අලෙවිකිරීම ආරම්භ කරන බවත් මෙය විදේශීය වෙළෙඳපොළට අලෙවිකර ඩොලර් බිලියන ගණනක විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට උපයාදීමට සැලසුම් කර තිබෙන බවත් මෙහිදී ආචාර්ය බේෂාන් කුලපාල මහතා සඳහන් කර තිබේ.
“මෙය ඉන්දියානු බජාජ් ත්‍රිරෝද රථයට වඩා මිල අඩුයි. ඒවගේම එම ත්‍රිරෝද රථයට වඩා කාර්යක්ෂමතාවය වැඩිවන විදහටයි අපි සැලසුම් කර තිබෙන්නේ. මේක Made in Sri Lanka නිෂ්පාදනයක් කියල කටපුරා කියන්න පුළුවන්. මෙම විදුලි ත්‍රිරෝද රථයේ සියළු සැලසුම් නිර්මාණය කළේ ලංකාවේ ඉංජිනේරුවන්.“
වේගා මෝටර් රථය ශ්‍රී ලංකාව තුළදී නිෂ්පාදනය කළේද මෙම විදුලි ත්‍රිරෝද රථය නිෂ්පාදනය කරන Vega innovations සමාගමයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඒක නම් ගොඩක් හොද දෙයක්
Petrol walin duwana parisaraya pawa dushanaya karana euwata wada me electric tree wheel eka ratata godak wadagath wei.
රට වැටිලා ඉන්න මේ අසිරු අවශ්‍යතාවෙ මේ වගෙ ව්‍යාපෘති ගොඩක් වටිනවා.මොකෝ මේවගෙන් රටට විදෙශ විනිමය උපයා ගන්න පුලුවන්. ඉක්ම්නින් නිශ්පාදනය කරල වෙලදපලට නිකුත් කලා නම් ගොඩක් ලොකු ආයෝජනයක් වෙයි .
Haki ikmnin welada palata hadunwa dimata haki wewa.good job
Anduwat me wage project walata sahayogaya laba dunna nm lankawath wahana nishpadhitha ratak hatiyata nam daranna puluwan wei anagatedi