දේශීය පුවත්

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ හඳුනාගත් නව විකෘති ප්‍රභේදය ද කොළඹින් බැහැර සෙසු ප්‍රදේශවලට පැතිරයාමේ අවදානම පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරයි

ඇය වැඩිදුරටත් පවසා සිටියේ කොළඹ 100% ක් ඩෙල්ටා ප්‍රභේදය පවතින බවත්,කොළඹින් ආරම්භ වූ මෙම ඩෙල්ටා ප්‍රභේදය මේ වන විට කොළඹ ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බවත්ය .එමෙන්ම මෙරට සෙසු පළාත්වලට ද ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවද එතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.

මේ වන විට පැයකට කොවිඩ් මරණ 09ක් පමණ මෙරටින් වාර්තා වන බව ද විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළාය.

විශේෂයෙන් එන්නත් ලබානොගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් එන්නතකරණයට කඩිනමින් යොමුවිම සහ එක් මාත්‍රාවක් ලබාගත් පිරිස් එන්නත්කරණය සම්පූර්ණ කිරිම අනිවාර්යෙන් සිදුකළ යුතු බව ඇය කියා සිටියාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More