ළමා හා නව යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය පවසන්නේ ආවේග සහ හැඟීම් පාලනය කිරීම සඳහා නිසි අවබෝධයක් ලබානොදීම, දරුවන් සියදිවි නසාගැනීමට පෙළඹීමට හේතුවක් බව යි.
එහිදි දෙමව්පියන් වෙත අවවාදයක් දෙන වෛද්‍යයවරිය ප්‍රකාශ කළේ දරුවාගේ මානසික තත්ත්වයන් හඳුනාගනිමින් දෙමව්පියන් සෘජුව ඒ සම්බන්ධයෙන් දරුවා සමග අදහස් හුවමාරුකර ගැනීමෙන් දරුවාට තමාගේ ආවේග හසුරුවා ගැනීමට හැකියාව ලැබෙන බවය.
වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යයවරිය “දරුවා සියදිවි නසා ගන්නවා කියන්නේ, දරුවා දරුවාගේ ප්‍රශ්නෙකට පිළිතුරක් සොයාගන්න ආකාරයයි. සමහරවිට දරුවාගේ මානසික කැළඹීමක් දරුවාගේ වික්ෂිප්තභාවයක් ඩිප්‍රේශන් තත්ත්වයක් නිසාත් සියදිවි හානිකර ගැනීම සිදු විය හැකියි.එසේත් නැත්නම් දරුවාගේ යම් අභිමතාර්ථයක් කෙසේ හෝ ලබාගැනීමේ චේතනාවෙන් කරනවා වෙන්නත් පුළුවන්. නමුත් වැඩිහිටියෙක් දරුවෙකුට තේරුම්කරලා දෙනවානම් සියදිවි හානි කරගැනීමට , දරුවාගේ තත්වය වෙනස් කරගන්න පුළුවන්. අනිවාර්යෙන්ම වැඩිහිටියෝ ළමයින්ට ආවේග පිළිබඳව කියලා දෙන්න අවශ්‍යයි. ආවේග හැඟීම් පාලනය කරගන්න අපි දරුවාට උදව් කරන්න අවශ්‍යයි.” යනුවෙන් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...