මරණ දඬුවම විදිමින් සිටි පොට්ට නවුෆර් නැමැති අපරාධකරු කොවිඩ් ආසාදිතව මිය ගොස් ඇති බව වාර්තා වේ. බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි පොට්ට නවුෆර් වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවා ඇති අතර එහිදී කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවා ඇත. 2004 වසරේ මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතාට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව මත මරණ දඬුවම හිමි වූ පොට්ට නවුෆර් නැමැත්තා මත් ද්රව්යය ජාවාරම්කරුවෙකුද වන්නේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්ය...
අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජනප්රිය රංගන ශිල්පී උද්දික ප්රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්රී ලංකාවට එවීමට...