ධවල මන්දිර නිලධාරින් ඊයේ(27) අනතුරු අඟවනු ලැබුවේ එක්සත් ජනපද හමුදාව ඇෆ්ග්නිස්ථානයෙන් පිටව යාම සහ ඉවත් කිරීම අවසන් වීමට පෙර, කාබුල් ගුවන් තොටුපළට තවත් ත්‍රස්ත ප්‍රහාරයක් “බොහෝ විට” සිදු විය හැකි බවයි.
අයිඑස්අයිඑස් ත්‍රස්ත කණ්ඩායම විසින් කාබුල් ගුවන් තොටුපළට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පැය 24 කට පමණ පසු ජනාධිපති ජෝ බයිඩ්න් සහ උප ජනාධිපති කමලා හැරිස් පෙන්ටගනයේ නිලධාරීන් සහ ජනාධිපතිගේ ජාතික ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකයින් හමු වූ බව ධවල මන්දිර මාධ්‍යය ලේකම් ජෙන් සාකි පවසා සිටියේය.
“කාබුල් නගරය ඉලක්ක කර තවත් ත්‍රස්ත ප්‍රහාරයක් සිදු විය හැකි බවට ඔවුන් ජනාධිපතිවරයාට සහ උප ජනාධිපතිවරයාට උපදෙස් දුන් නමුත් ඔවුන් කාබුල් ගුවන් තොටුපලේදී උපරිම ආරක්ෂණ පියවර ගනිමින් සිටිනවා” යැයි සාකි සිකුරාදා(27) දහවල් පැවසුවේය. “අමෙරිකානු ආරක්ෂක නිළධාරින් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගැනීමේ මෙහෙයුමේ ඉදිරි දින කිහිපය මේ දක්වා ඇති භයානකම කාල පරිච්ඡේදය වනු ඇත.” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.
ජාතික ආරක්‍ෂක උපදේශකයෙකු වන සාකි තවදුරටත් පවසා සිටියේ “අමෙරිකානු ආරක්ෂක සේවා වල සේවයේ නියතු අපේ ධෛර්ය සම්පන්න කාන්තාවන් සහ මිනිසුන් ඓතිහාසික ඉවත් කිරීමේ මෙහෙයුම අඛණ්ඩව කරගෙන යනවා.පැය කිහිපයක් තුළ දහස් ගණන් මිනිසුන් ගුවනින් ගෙන යනවා” යනුවෙන් පවසා සිටියාය.
කාබුල් ගුවන් තොටුපල බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයින් සොයා ගැනීමට ජනාධිපති ජෝ බයිඩන් මහතා දුන් පොරොන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ” අමෙරිකානු සෙබළුන් ඝාතනය කල ත්‍රස්ථයන් තවදුරටත් පෘථිවියේ ජීවත් වීම දැකීමට මම කැමති නැහැ” යනුවෙන් ජනාධිපති ජෝ බයිඩන් පැවසූ බව අවධාරණය කළාය.
අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ජෝන් කර්බි විසින් පසුගියදා අයි එස් අයි එස් -කේ ත්‍රස්තයන් ඇෆ්ගන් සිරගෙවල් වලින් පලායාම සම්බන්ධව සහ අමෙරිකා එක්සත ජනපදයේ ප්‍රාන්ත සමහරක් තලේබාන් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීම පිළිබඳව අදහස් දක්වමින් පැවසූ අදහස් වල අනුනාද වීමක් ජෙන් සාකිගේ අදහස් වලද ඇති බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.
එලෙසම අමෙරිකානු බුද්ධි අංශ ත්‍රස්ත ප්‍රහාර එල්ල වන බවට කරන පුරෝකතන බොහෝ ගණනක් වලක්වා ගැනීමට අමෙරිකානු ආරක්ෂක අංශ සමත් නොවී ඇති බව ඔවුන්ගේ ඉතිහාසය හැදෑරීමෙන් අවබෝධ වන බව පවසා සිටින මෙම ප්‍රහාරයද අනිවාර්යෙන්ම සිදුවීමට තිබෙන ඉඩකඩ ඉතා ඉහළ බව පවසා සිටිති. ඇෆ්ගනිස්ථානයේ බොහෝ ප්‍රදේශ තුළ ඉතා විශාල ගණනක අමෙරිකානු පුරවැසියන් ප්‍රමාණයක් තවමත් විසිරී සිටින බව ඔවුහු පෙන්වා දෙති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...