දේශීය පුවත්

 දැවැන්ත සූර්ය කුණාටු නිසා පෘථිවියේ සති ගණනක් අන්තර්ජාලය අඩපණ වීමේ අවදානමක් පිළිබඳ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාඥ සංගීතා අබ්දු ජෝති අනාවරණයක් කර තිබේ.

වේගයෙන් පැතිරෙන වෛරසයක් පාලනය කළ යුුතු ආකාරය පිළිබඳ පෙර සූදානමක් නොවූ නිසා COVID-19 වසංගතයෙන් ලෝකයට මෙතරම් හානියක් කිරීමට හැකි විය.

එබැවින් ඇය පවසන්නේ මේ සඳහා ද පෙර සූදානමක් නොවූවොත් වන හානිය සුළුපටු නොවිය හැකි බවය.

මෙවැනි සිදුවීමක් වුවහොත් එමගින් විද්‍යුත් ජාල අධි සම්ප්‍රේෂණය ද සහ GPS පද්ධතිවල පුළුල් බිඳවැටීම් ඇති කළ හැකි බවට ඇය පවසා තිබේ

සූර්ය කුණාටු මගින් පෘථිවියේ භූ චුම්භක ක්ෂේත්‍රය බිඳ දමන අතර මෙමගින් ලොව පුරා අන්තර්ජාලය පවත්වාගෙන යන මුහුුද යටින් දිවෙන කේබල්වලට අතිශය හානිකර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි ඇය පෙන්වා දෙයි.

ෆයිබර් ඔප්ටික් කේබල්වලට දැඩි සූර්ය කුණාටු හේතුවෙන් ඇති වන විද්‍යුත් චුම්භක උච්චාවචනයන්ට සෘජුවම හානි කළ නොහැකි බව පැවසේ.

එහෙත් මුහුදේ යට පවත්වාගෙන ඉතා දුරස්ථ සම්බන්ධතා පවත්වා ගැනීමට යොදාගන්නා කේබල්වලට සංඥා තීව්‍රකවලට බලපෑම් කිරීමට ඊට හැකියාව ඇති බව ඇය සඳහන් කරයි.

අභ්‍යවකාශ කාලගුණයෙන් ඇති වන හානිවලට වැඩියෙන් ගොදුරු විය හැක්කේ ගොඩබිම ඇති කේබල්වලට වඩා භූගත කේබල් ය. එපමණක් නොව, ඒවා අලුත්වැඩියා කිරීම ද අතිශයින් අසීරු ය

තාරකා විද්‍යාඥයින්ට අනුව, ඉදිරි 10 වසර තුළ ඇති විය හැකි ව්‍යසනකාරී කඩාකප්පල්කාරී තත්ත්වයන් ඇති කළ හැකි සූර්‍ යකුණාටුවක සම්භාවිතාවය 1.6% – 12% අතර වේ.

මෙම තර්ජනය කෙරෙහි අවධානය යොමු කිරීමේදී එයට සැලසුම්, ආරක්‍ෂාව මෙන්ම අන්තර්ජාලයේ දිගු කාලීන ඔරොත්තු දීමේ හැකියාව ද ඉතා වැදගත් වේ.

උදාහරණ දක්වමින් ඇය පවසන්නේ ගූගල් සහ ෆේස්බුක් වැනි අන්තර්ජාල සේවා විශේෂිත ප්‍රදේශවල මහා පරිමාණ දත්ත මධ්‍යස්ථාන වෙත ප්‍රවේශය අවශ්‍ය වන අතර සමහර රටවල පරිශීලකයින්ගෙන් එය ඇණහිටිය හැකි බවය.

ගූගල් මෙන් නොව, ෆේස්බුක් හි දත්ත මධ්‍යස්ථාන ලොව පුරා ඒකාකාරව ව්‍යාප්ත වී නැත. උදාහරණයක් ලෙස අප්‍රිකාවේ හෝ දකුණු ඇමරිකාවේ කිසිවක් නැත.

පුළුල් ලෙස ජාල බිඳවැටීමකදී මෙවැනි ජාලයක් වඩාත් අවදානමට ලක් වන බව ඇය පවසයි

පෘථිවියේ මෙතෙක් නිරීක්ෂණය කරන ලද එවැනි විශාලතම සුර්ය කුණාටු බලපෑම සිදුවූයේ 1859 සැප්තැම්බර් මාසයේදී ය.

මෙම සංසිද්ධිය මීට පෙර කිසි දිනෙක නිරීක්ෂණය වී නැති අතර කුමක් සිදු වේදැයි කිසිවෙකු දැන සිටියේ නැත.

මෙම සූර්ය කුණාටුව ‘කැරිංටන් සිද්ධිය’ ලෙස ද හැඳින්වේ. රේඩියෝ සංඥා සනින්වේදන සබඳතාවලට මෙමගින් දැඩි හානි සිදුව තිබුණි.

පසුගිය 23 – 27 දක්වා පැවැති සිග්කොම් වාර්ෂික සමුළුවේදී ඇය විසින් මෙම අනාවරණය කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More