2021 වර්ෂය සඳහා වු ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි නොවූ පුද්ගලයින්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචිවීම සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
ඒ අනුව වයස අවුරුදු 18 සම්පුර්ණ කළ අය හෝ මෙතෙක් ලියාපදිංචි නොවූ පුද්ගලයින්ට www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවීසීමෙන් ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිවීම සඳහා ඉල්ලුම්කළ හැකි බව එම කොමිෂන් සභාව සඳහන් කළ අතර ඒ අනුව එම වෙබ් අඩවියට පිවිසීමෙන්, 2021 වර්ෂය සඳහා යම් පුද්ගලයෙකු ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචිවීම සඳහා නිර්දේශ වී තිබේද යන්න පරික්ෂා කිරීමටද හැකිය.
මීට පෙර 2020 ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම් 2021 වර්ෂය සඳහා යළි ලියාපදිංචිවීමේ අවශ්‍යතාවයක් නොමැති බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පවතින කොවිඩ් – 19 අවදානම හේතුවෙන් 2021 වර්ෂයේ ඡන්දහිමියන් ගණන් ගැනීමේ ආකෘති ගෙයින් ගෙට බෙදාදීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...