විරෝධතා පැවැත්වීමට අදාළ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බදුල්ල තල්දෙන අතරමැදි කඳවුරේ රඳවා සිටි ශිෂ්‍ය ක්‍රියාකාරකයින් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත, අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප යන තිදෙනා පසුගිය අගෝස්තු 03 වනදා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ පැවති උද්ඝෝෂණයකින් පසුව අත්අඩංගුවට ගැනුණි.
ඔවුන් එම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව ය.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්රකාශ කළේ එම පිරිස දින 14ක් රඳවා තැබීමෙන් පසුව සිදුකළ පි.සි.ආර්. පරික්ෂණවලදි ඔවුන්ව කොවිඩ් -19 ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බවය.
ඔවුන්ව කිලිනොච්චිය අයියකණ්ඩි රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමුකර ඇති බවද වාර්තා වෙයි.
මේ අතර අද පැවැති මාධ්‍ය හමුවකදි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ප්රකාශ කළේ ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇත්තේ බාහිර ස්ථානයකදි නොවන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...