දේශීය පුවත්

කොවිඩ් ඩෙල්ටා වෛරසය වැළඳුනහොත් කිසිදු පූර්ව ලක්ෂණයක් නොපෙන්වා ම හෘදයාබාධ ඇති වීමේ දැඩි අවදානමක් පවතින බව කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සක ඒකකයේ විශේෂඥ වෛද්ය ගෝඨාභය රණසිංහ මහතා අනතුරු අඟවා ඇත.

එලෙස හඳුනා ගත් රෝගීන් විස්සකට වැඩි සංඛ්යාවක් සඳහා පසුගිය සති කිහිපය තුළ හදිසි ශල්යකර්ම කිරීමට සිදුවූ බවත්, මෙය අතිශයින් බරපතල තත්වයක් බවත් එතුමන් වැඩිදුරටත් පවසා සිටී.

කොවිඩ් පළමු හා දෙවැනි රැලිවලදී එවැනි රෝගීන් දක්නට නොලැබුණු බව කී එතුමන් තුන්වෙනි රැල්ලේ දී මතු වූ ඩෙල්ටා ප්රභේදය හේතුවෙන් මෙම තත්ත්වය දක්නට ලැබුන බව පවසයි.

තවද මෙලෙස හෘදයාබාධයට ලක් වී රෝහල් ගත වන බහුතරයක් අඩු වයසේ පසුවන්නන් බවත්, ඔවුන් හෘදයාබාධයන් ට හේතු වන දියවැඩියාව, කොලස්ටරෝල්, අධි රුධිර පීඩනයන් වැනි රෝගවලින් තොර පුද්ගලයන් බවත් වෛද්ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More