බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත චීනයේ නිෂ්පාදිත “සයිනොෆාම්” එන්නත් මාත්‍රා විසි තුන් ලක්ෂයක් රැගෙන ආ බව වාර්තාවේ.
මෙම එන්නත් තොගය අතරින් එන්නත් මාත්‍රා විසි ලක්ෂයක් , ශ්‍රී ලංකාව මිලදී ගත් ඒවා බවත් චීන මහජන විමුක්ති හමුදාව ශ්‍රී ලංකාවේ හමුදාව වෙත පරිත්‍යාග කරන ලද , තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා තුන් ලක්ෂයක් ද , වන බව පැවසේ.
මෙ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ අගෝස්තු මාසය තුළ චීනයේ සිට සයිනොෆාම් එන්නත් මාත්‍රා හැත්තෑ ලක්ෂයක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බවත් ඒ අනුව මේ දක්වා සයිනොෆාම් එන්නත් මාත්‍රා එක් කෝටි අසූ ලක්ෂයක් ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කර ඇති බවත්ය.
චීනයෙන් එවන ලද එන්නත් තොගය භාර ගැනීමට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න , ශ්‍රී ලංකා යුධ හමුදපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු උසස් රාජතාන්ත්‍රිකයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බව ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...