දේශීය පුවත්

1505 දී පෘතුගීසීන් විසින් අප රට යටත් කර ගත් දා සිට බුද්ධාගමට රාජ්‍යය පාලනය විසින් කළ හානිදායක බල පෑම ඉංග්‍රීසිහු විසින් මිශනාරි පාසල් ඇති කිරීමෙන් පසුව වට ගණනාවකින් තීව්‍ර විය. 1803 දී මෙහි පැමිණි ලන්ඩන් මිෂනාරි සමාගමේ පූජකවරු ලංකාවේ විවිධ ප්‍රදේශවල පාසල් ඇරඹූහ.

ශාස්ත්‍රීය අධ්‍යාපනයට වඩා ක්‍රිස්තියානි අධ්‍යාපනය ඔවුන්ගේ ප්‍රධාන අරමුණ විය. 1814 ලංකාවට පැමිණි වෙස්ලියන් මිෂනාරි සමාගම දැඩි උනන්දුවකින් ආගම් ප්‍රචාරය සිදු කළේය. පාණදුරා මහාවාදය සිදුවූයේද මෙම වෙස්ලියන් පූජකවරුන් මූලික කරගෙනය.

ඔවුන්ගේ ආගමික ප්‍රචාරයේ තිබුණු මුග්ධභාවය හේතු කොට ගෙන බෞද්ධයා තුළ ඇතිවූ නොසන්සුන්කාරී බව අවසානයේදී බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ මිෂණාරි පූජක තුමන්ලා අතර සිදුවන වාදයකින් අවසන් කිරීමට දෙපාර්ශවයම තීරණය කළහ. ඒ අනුව 1873 අගෝස්තු 26, 28 දෙදින පාණදුරා මහාවාදය පැවැත්වීමට තීරණය විය. ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයේ සියළු ප්‍රදේශයන්හි වෙසෙන බෞද්ධයන්ට මහත් උත්තේජනයක් පාණදුරාවාදය මගින් ලැබුණි.

පසුකලෙක ශ්‍රී ලංකාවේ සැබෑ නිදහසේ පුරෝගාමියා ලෙස සැලකෙන අනාගාරික ධර්මපාලතුමා අවුරුදු 9ක කොළු ගැටයෙකුව සිට පානදුරාවාදය ඇසූ බව ප්‍රකට කරුණකි.

පානදුරාවාදයේ 148 වන සැමරුම සලකා ලියන ලද ලංකාදීප පුවත්පතේ පළවූ ලිපිය පුරවැසි කොළමේ පලවේ…

ලක්දිව පුබුදු කළ පාණදුරා මහාවාදය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More