ජපානයේ මොඩර්නා එන්නත් තුළ අපද්රව්ය අංශු තිබෙන බවට පළ වූ සැකයක් හේතුවෙන් එන්නත් මාත්රා මිලියන 1.63 ක් භාවිතා කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.මෙසේ සිදුකර තිබෙන්නේ ආරක්ෂිත පියවරක් ලෙස බව ද සඳහන්.
මෙම එන්නත් නිෂ්පාදනය කර තිබෙන්නේ Takeda Pharmaceutical Co. නමැති ජපන් බහුජාතික සමාගමක් විසිනි.
භාවිතා නොකළ එන්නත් මාත්රා 39 කින් මෙම අපද්රව්ය හමුවී ඇති බව සඳහන්. එම අපද්රව්ය කොටස් මිලිමීටර දෙක තුනක විශාලත්වයකින් යුතු වන අතර, එහි අන්තර්ගතය කුමක්දැයි තවම ප්රකාශ වී නැත.
මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් කරන ලෙස ඇමරිකාවේ මොඩර්නා මව් සමාගම, සිය ජපන් නිෂ්පාදකයා වන තකේඩා සමාගමෙන් ඉල්ලීමක් ද කර ඇත
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...