කොවිඩ් ආසාදිතව සිට නිරෝධායන අවසන් කළ තවත් 18 හැවිරිදි පාසල් සිසුවෙක් අද (26) අලුයම ඉතා අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ බොරගොඩවත්ත පදිංචි, ජාපාලවත්ත ජනාධිපති විද්යාලයේ මෙවර අපොස උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි දුමිඳු දේශාන්ත නම් සිසුවෙකි.
මියගිය සිසුවා ඇතුළු පවුලේ සියලුම දෙනා කොවිඩ් ආසාදිතව සිට ඇති අතර ඔවුන්ගේ නිරෝධායනය අවසන්ව සිට තිබේ.
අද (26) අළුයම 2ට පමණ පියා අවදි වී තම ඇඳේ නිදා සිටින දරුවා අතගා ඇති අතර එහිදී ඔහු නින්දේ දීම මිය ගොස් ඇති බව දැනගෙන ඇත.
මෙම තරුණ සිසුවාගේ අවසන් කටයුතු අද නිරෝධායන ක්රමවේදයට අනුව සිදුකිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...