දේශීය පුවත්

දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, කොවිඩ් ආසාදිතයන් සඳහා තවත් ආයුර්වේද ප්‍රතිකාර ඒකකයක් රාජගිරිය ආයුර්වේද ශික්‍ෂණ රෝහලේ දී ඊයේ (26) විවෘත කළ බවයි.

මෙම ඒකකය තුළ කොවිඩ් රෝගීන් 100 දෙනකුට පමණ නේවාසිකව ප්‍රතිකාර ලැබීමේ පහසුකම් ඇති අතර කොවිඩ් ප්‍රතිකාර සේවා සඳහා විශේෂ පුහුණුවක් ලද උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය කාසල්වීදිය කාන්තා රෝහලේ වෛද්‍ය අධීක්‍ෂණය ද ඇතිව ඒකාබද්ධව මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන යන බව රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යයවරයා පවසා සිටියෙ, මේ වන විට රටපුරා ආයුර්වේද රෝහල් 14ක කොවිඩ් ප්‍රතිකාර ඒකක පිහිටුවා ඇති බවත් තවත් ඒකක හතරක් කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බවත්ය.

මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමි, “මේ වන විට එම ප්‍රතිකාර ඒකකවලින් රෝගීන් 5,300ක් සුවය ලබා පිටවගොස් තිබෙනවා. ඔවුන්ට කිසිඳු සංකූලතා තත්වයක් මතු වූයේ නැහැ. මේ වන විටත් ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානවල කොවිඩ් ආසාදිත 9,000ක් පමණ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටිනවා.” යැයි පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More