පුත්තලම හලාවත කොක්කාවිල ප්‍රාථමික විදුහලේ එන්නත් මධ්‍යස්ථානය බාර වෛද්‍යවරයා සහ එහි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු අනුමැතියකින් තොරව වයස අවුරුදු දොළහක දැරියකට කොවිඩ් මර්දන එන්නත ලබා දෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම මූලික රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යැවූ බව පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය මාධ්‍යය වෙත පවසා සිටියාය.
එහිදී වැඩිදුරටත් කරුණු අනාවරණය කරමින් පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පවසා සිටියේ, කොවිඩ් මර්දන එන්නත ලබාදී ඇති මෙම දැරිය එම වෛද්‍යවරයාගේ දියණියක බවයි.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ඊයේ (26) ආරම්භ කළ බවත් එම විමර්ශනයේ ප්‍රතිඵල මත අදාල වෛද්‍යවරයාට සහ පවුල් සෞඛ්‍ය සේවිකාවට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පවසා සිටියි.
මාධ්‍යය වෙත අදහස් දක්වමින් , “පුත්තලමේ එන්නත්කරණ වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබියදී මෙවැනි නීති විරෝධී හා සදාචාර විරෝධී සිද්ධියක් සිදුවීම ගැන තමා කනගාටුවනවා. මෙවැනි සිදුවීම් ඉදිරියටද සිදුවීම වැළැක්වීම සඳහා මම විශේෂ වැඩපිළිවෙළක් අරඹා තිබෙනවා.” යනුවෙන් වෛද්‍ය දිනූෂා පුනාන්දු මහත්මිය පැවසුවාය.
මේ වන විට අදාළ සිද්ධියට සම්බන්ධව විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව එම එන්නත්කරණ මධ්‍යස්ථානයේ සී.සී.ටී.වී කැමරාවේ සටහන් වී ඇති දර්ශනද පරීක්ෂාවට ලක් කර ඇති බව කියවේ.
එහිදී දක්නට ලැබුණේ , එන්නත්කරණ මධ්‍යස්ථානයට පැමිණි වෛද්‍යවරයාගේ දියණිය එහි සිටි පොලිස් හා හමුදා නිලධාරීන් විසින් එම ස්ථානයෙන් ඉවතට ඉවතට යවනු ලැබූ අවස්ථාවේදී චෝදනාවට ලක්ව සිටින පවුල් සෞඛ්‍ය සේවිකාව විසින් ඇය නැවතත් කැඳවාගෙන විත් එන්නත ලබා දෙන ආකාරයයි.
චෝදනාවට ලක් වූ වෛද්‍යවරයාගේ දියණියට ලබාදී ඇත්තේ ෆයිසර් වර්ගයේ එන්නත් මාත්‍රාවක්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...