දේශීය පුවත්

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ආරක්‍ෂාවට යොදා තිබෙන රළපනාවේ කලුගල් ආදිය ඉවත් කර ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සූදානම් වන බව ගොවියෝ චෝදනා කරති.

ගොවි සංවිධානවල විරෝධය නොතකා මෙම ඉදිකිරීම කරන බවද ඔවුහු පැවැසූහ.

පරාක්‍රම සමුද්‍රයේ ප්‍රධාන සොරොව්වේ සිට දෙකේ ඇල සොරාව්ව පසුකර දිසාපති නිල නිවස පිහිටා තිබෙන ස්ථානයට ආසන්නය තෙක් මෙම ඇවිදින මං තීරුව ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බව පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති හා පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා ප්‍රකාශ කලේය.

මේ සම්බන්‍ධයෙන් මූලික යෝජනා ඉදිරිපත්වූ අවස්ථාවේ පටන්ම තම ගොවි සංවිධානය එයට විරෝධය පළකල බව ඒ මහතා කීය. එහෙත් එම විරෝධය නොතකා එහි ඉදිකිරීම් ආරම්භකර ඇතැයිද හෙතෙම පැවැසීය.

මේ සම්බන්‍ධයෙන් පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉල්ලීමකට අනුව එම ආයතනයේ රුපියල් මිලියන 34ක වියදමින් මේ මංතීරුව ඉදිකරන බවයි.

එය කිලෝ මීටර් එකයි මීටර් 700ක දුර ප්‍රමාණයෙකින් යුක්ත බවද ඒ මහතා කීය.මේ වසරේ දෙසැම්බර් මාසය අවසන්වීමට පෙර එය ඉදිකර අවසන් කිරීමට නියමිත බවද ඉංජිනේරුවරයා කීවේය.

(ලංකාදීප පුවත් පතින්… )



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More