දේශීය පුවත්

මෙරට කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය අවම කිරීමට නම් තවත් සති දෙකක කාලයක් රට වසා තැබීමට කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටිනවා.

දින 20ක් වැනි කෙටි කාලයක් තුල රටේ කොවිඩ් ආසාදිත මරණ 3,000 සීමාව ඉක්මවීමට ආසන්න බව පවසන හිටපු අගමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, රට පුරා සීග්‍රයෙන් ව්‍යාප්තවෙමින් මිනිස් ජීවිත බිලිගනිමින් සිටින කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්තවීම වළවක්වා ගෙන මිනිස් ජීවිත සුරක්ෂිත කිරීමට නම් අවම වශයෙන් තවත් සති දෙකක කාලයක් රට වසා තැබීම කළයුතු බවයි.

එසේම රට වසා තැබීම නිසා සිදුවන ආර්ථික හානියට වඩා මේ මොහොතේ මිනිස් ජීවිත විනාශ වීම වළක්වා ගැනීම වැදගත් බව අවධාරණය කරන හිටපු අගමැතිවරයා, වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව තවත් සති දෙකක කාලයක් රට වසා තැබීමට කටයුතු කිරීම කළයුතු බව ද අවධාරණය කරයි.

ව්‍යසනයේ බරපතලකම ගැන සලකා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය වෛද්‍ය විශේෂඥ උපදෙස් අනුව කටයුතු කරනු ඇතැයි වැඩිදුරටත් හිටපු අගමැතිවරයා පවසා සිටියි.

එසේම මෙහිදී මංගල සමරවීර හිටපු මුදල් ඇමතිවරයාගේ හදිසි මරණය පිළිබඳව ද හිටපු අගමැතිවරයා සිහිපත් කරයි. ඒ ඇමරිකානු රාජ්‍ය නිලධාරිනියක වන සමන්තා පවර් මැතිනියගෙන් මෙරට කොවිඩ් වෛරසය වැළැක්වීම සඳහා කොවිඩ් මර්ධන එන්නත ඉල්ලා සිටි හිටපු මුදල් ඇමති මංගල සමරවීර ද ඊට ගොදුරුවූ බවයි.

එසේම ගතවු දින 02ක කාලය තුලදී තමන් දන්නා හඳුනන පුද්ගලයින් 06 දෙනෙකු වෛරසයෙන් ජිවිතක්ෂයට පත්වූ බව ද කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More