දේශීය පුවත්

ආණ්ඩුවට හිතවාදි ප්‍රධාන පෙලේ සීනි ආනයනයකරුවන් කිහිප දෙනෙකු සහ සතොස හිටපු සභාපති නුෂාඩ් එලියතම්බි හෙවත් නුෂාඩ් පෙරේරා යන අයගේ මැදිහත් වීමෙන් සීනි කිග්‍රෑම් එකකට රුපියල් පනහකට ආසන්න බදු සහනයක් දුන් බවට පසුගිය දිනවල චෝදනා එල්ල විය.ඊට පිළිතුරු දුන් ආණ්ඩුවේ පාර්ශව සඳහන් කළේ ඒ මගින් සීනි මිල රුපියල් 105කට අඩු කරණ බවයි.එම බදු සහනය නිසා ජාවාරම්කරුවන්ගේ සාක්කු වලට ගිය සහ ආණ්ඩුවට අහිමි වූ බදු ආදායම රුපියල් මිලියන 15,000කි. එම මුදලින් කන්තලේ සීනි කර්මාන්ත ශාලාව තුනක් ඉදිකළ හැකි බව ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ අදහසයි.නමුත් එවැනි බදු සහනයක් ලබාගැනීමෙන් පසුව දැන් සීනි මිල රුපියල් 205කට ඉහළ දැමීම බරපතල වරදක් වුවද අමාත්‍යය ලසන්ත අලගියවන්න පවසා සිටින්නේ නීතිය සංශෝධනය කරන තෙක් කිසිවක් කළ නොහැකි බවයි. එසේ වුවත් ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් පවසන්නේ වැඩි මිලට තොග වශයෙන් සීනි විකුණන ආනයනයකරුවන් අසාදු ලේඛනගත කොට ආනයන බලපත්‍ර ක්‍රමයක් යටතේ ඔවුන්ට බලපත්‍ර ලබා දීම අත් හිටුවිය හැකි බවයි.එහෙත් සීනි සහ පොල් තෙල් ආනයනය කරණ වියත් මග සංවිධානයට උදව් කළ ප්‍රභලයෙකු නිසා එවැනි දෙයක් සිදු නොවන බවද ඔවුහු පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More