දේශීය පුවත්

අධිබලැති පුපුරන ද්‍රව්‍ය වන ඇමෝනියම් නයිට්රේට්, ජෙලට් නයිට් කූරු, සේවානූල් ඇතුළු භාණ්ඩ විශාල තොගයක් මාතර සහ ගන්දර පොලිස් බලප්‍රදේශ දෙක තුළදී සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමත් වී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව වැටලීම් සිදුකර ඇත.

එහිදී සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනුණි.

ගල් වැඩපොළක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම පුපුරණ ද්‍රව්‍ය ගබඩාකර ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා එම පුපුරණ ද්‍රව්‍ය සහ සැකකරුවන් මාතර පොලිස් ස්ථානය වෙත භාරදී ඇත



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More