දේශීය පුවත්

කොවිඩ් -19 වෛරසය මර්දනය සඳහා ලබාදෙන එන්නත් මගින් ඇති කරන ප්‍රතිශක්තිකරණය පිළිබඳ සිදුකර ඇති අධ්‍යයනයකින් කරුණු රැසක් පිළිබඳ අනාවරණය වී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා සහ අණුක විද්‍යා ඒකකයේ මහාචාර්ය, නීලිකා මලවිගේ මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ පිළිබඳව සඳහන් කර ඇත.

ඒ අනුව මහාචාර්ය, නීලිකා මලවිගේ මහත්මිය ප්‍රකාශකර ඇත්තේ, සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයින්ගේ කොවිඩ් මරණ අනුපාතය සියයට 0.46ක් තරම් අවම අගයක් ගෙන ඇති බවය.

ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ලබාගත් පුද්ගලයින්ගේ මරණ අනුපාතය සියයට 0.15 තරම් අගයක් වේ.

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාගත් පුද්ගලයින් අතර මරණ අනුපාතය සියයට 0.03 ලෙස සටහන් වී තිබේ.

බහරේනයේ සිදුකළ පර්යේෂණයක් උපුටා දක්වමින් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය මේ බව සඳහන් කර ඇත. එක් සතියකදී පුද්ගලයින් ලක්ෂයක් අතුරින් ආසාදිතයින් බවට පත්වීමේ සංඛ්‍යාව 642ක් ලෙස එම වාර්තාවෙන් අනාවරණය වී ඇති අතර සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 350 දෙනෙකු තරම් අවම අගයක් ගන්නා බව අදළ පර්යේෂණයෙන් අනාවරණය වී තිබේ.

සයිනොෆාම් එන්නත ලබාගෙන ආසාදිතයින් බවට පත්වන 350 දෙනෙකු අතරින් මියයෑමේ ප්‍රවණතාව එක් පුද්ගලයෙකු ලෙස අනාවරණ වී ඇති බවද සඳහන්ය.

කෙසේ වෙතත් ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ලබාගත් පුද්ගලයින් අතරින් ආසාදිතයින් ලෙස වාර්තාවීමේ සංඛ්‍යාව පුද්ගලයින් ලක්ෂයකට 136 දෙනෙකු වන බව බහරේනය සිදුකළ එම පර්යේෂණයෙන් අනාවරණය වී තිබේ.

ඉන් පුද්ගලයෙකු මියයාමේ සම්භාවිතාව දශම බින්දුවයි දෙකක් තරම් අවම අගයක් ගන්නා බවද වාර්තා වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More