දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ කොවිඩ් පරීක්ෂණ ධනාත්මකතා අනුපාතය (TPR) සියයට 15.8 ක් ලෙස පසුගිය සතියට සාපේක්ෂව මේ වනවිට පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් අගෝස්තු 20 දා ප්‍රකාශයට පත් කළ සතිපතා වාර්තාව සඳහන් කර තිබේ.

අඛණ්ඩව පස්වැනි සතියටත් මෙරට කොවිඩ් රෝගීන් ඉහළ යාම තවදුරටත් සංඛ්‍යා අගයන් වාර්තා කර ඇතැයි ද එම සංවිධානය පෙන්වා දෙයි.

පසුගිය සතියට වඩා මේ සත‍ියේ කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාම මධ්‍යම පළාත හැර සෙසු සියලුම පළාත්වල දක්නට ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ.

32 වැනි සතියටත් වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා කර ඇත්තේ බස්නාහිර පළාතෙනි. එම ප්‍රතිශහතය 57%කි.

පසුගිය සතියේ මෙරට තුළ වාර්තා වූ කොවිඩ් රෝගීන්ගෙන් 45%ක්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ අයයි.

දකුණු සහ වයඹ පළාත්වල පසුගිය සතිය හා සසඳන විට නව රෝගීන්ගෙන් සියයට 50 කට වඩා වාර්තා වී ඇත.

දකුණු පළාතේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමේ ප්‍රතිශතය 13%ක් වී ඇත.එන්නත්කරණය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ තුන්වන ස්ථානයේ සිටී.

එම වාර්තාවට අනුව මෙරට 22.3%ක ජනතාවක් මුළුමනින්ම එන්නත ලබාගෙන ඇත.

ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින මාලදිවයින එරට ජනගහනයෙන් 62.8% කට සහ භූතානය එරට 54.3% කට එන්නත් ලබා දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More