මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් කට උත්තරයක් ගැනීමට යයි.
නොබෝ දිනකින් මෙම කට උත්තරය ලබා ගැනීමට නියමිතව ඇති බව පොලිස් මූලස්‌ථාන ආරංචි මාර්ග කියා සිටියේය.
කීත් නොයාර් මහතා පැහැරගැනීම සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා ගැනීමට දිනයක් ලබා දෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිටත් හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව පොලිස් මූලස්‌ථානය පවසයි.
කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතාගෙන්ද මීට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබිණි.
එහිදී හෙළි වූ වැදගත් තොරතුරු කීපයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් කට උත්තරයක් ලබා ගැනීමට නියමිත බව පොලිස් මූලස්‌ථාන ආරංචිමාර්ග කියා සිටියි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය මහතාගෙන් ප්‍රශ්න කිරීමේදී ඒ මහතා ප්‍රකාශ කර තිබුණේ කීත් නොයාර් පැහැර ගැනීම පිළිබඳව මුලින්ම තොරතුරු ලැබුණේ තමාට බවත් ඒ මොහොතේම එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කථාකර ඔහුගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කළ බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...