2019 වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාර මාලාව සහරාන් ඇතුළු කණ්ඩායමක් විසින් කෙටි කාලයක් තුළ සැලසුම් කළ හුදෙක් තනි අපරාධයක් නොවන බව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා පවසයි.
එය සිදුවීමට පෙර සිදුවූ සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගැනීමට සිදුවී ඇති බවත් ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම්සහගතව සිදුකළ ත්‍රස්තවාදී ක්‍රියාවක් බව පෙනීයන බවත් පොලිස්පතිවරයා සඳහන් කරයි.
පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ මෙම අපරාධ විමර්ශනය ඉතා රහසිගතව සිදුකරන්නක් බවය.
ඒ හේතුවෙන් ඒ පිළිබඳව තොරතුරු මහජනතාව ට හෙළිකිරීම අධිකරණ කටයුතුවලට බාධාවක් විය හැකි බවද පෙන්වා දෙයි.
ඔහු පෙන්වා දෙන්නේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන විමර්ශන සම්බන්ධව නිසි අවබෝධයක් නොමැතිවීම හේතුවෙන් එම විමර්ශන සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ මතවාද ගොඩනැගී ඇති බවය.
පාස්කු ප්‍රහාර විමර්ශන සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...