රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ඊයේ (25) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ වනවිට රජය පනවා ඇති සංචරණ සීමාවලට ජනතාව නිවැරදිව අනුගත නොවුනොත් එම සංචරණ සීමා දීර්ඝ කිරීමට සිදුවිය හැකි බවට අනතුරු අඟවා සිටියේය.
එහිදී වෛද්‍යයවරයා අදහස් දක්වමින්, “මේ දාලා තියෙන ලොක්ඩවුන් එක හරියටම ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාව සහයෝගය ලබාදිය යුතුයි. එහෙම නැති වුණොත් මේ දාපු ලොක්ඩවුන් එක එක්කො දීර්ඝ කරන්න වෙයි. නැත්නම් ආයේ මාසෙකින් ලොක්ඩවුන් කරන්න වෙයි. එතකොට රට අරිනවා,වහනවා තත්වයට පත්වෙනවා. මේ ආකාරයට ගමන් කරන්න බෑ. ඒක රජයටත් ජනතාවටත් අපහසුවක්. ඒ නිසා මේ සංචරණ සීමාවලට අනුගතවෙන අය වගේම ක්‍රියාත්මක කරන අයත් ඒක හරියටම කරන්න ඕනේ.” යනුවෙන් ප්‍රකාශ කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...