රංගිරි රූපවාහිනී නාලිකාව සමඟ සංවාදයකට එක්වූ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බන්ඩාර මහතා පවසා සිටින්නේ ශ්‍රී ලංකාවේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට පළමු රැල්ල තුළ ඉතා විශිෂ්ඨ මැදිහත් වීමක් කළ සෞඛ්‍යය අංශ මෙවර “ගොං කම්” රාශියක් කළ බවයි.
එහිදී ඔහු පෙන්වා දෙන්නේ ඉතා දියුණු රාජ්‍යය යාන්ත්‍රණයක් තිබෙන ශ්‍රී ලංකාවේ කුඩාම පරිපාලනය ඒකකය වන ග්‍රාම සේවා වසමකට රාජ්‍යය නිළධාරින් පස් දෙනෙකු සිටින බවත් එම නිලධාරින් සහ ආගමික සහ වෙනත් ප්‍රභූවරුන් යොදා ගනිමින් කොවිඩ් වසංගතය පාලනය කිරීමට මහජන සහභාගිත්වය මැනවින් කළ හැකිව තිබුණු බවයි.
චක්‍ර ලේඛ මගින් වෛද්‍යයවරුන්ට කොරෝනා මර්ධනයට අදාල දීමනා ලබා ගැනීමට ඉඩ සලසා දීමත් විනෝදාස්වාද කර්මාන්තයේ නියැලෙන අයවළුන් විසින් ඉල්ලූ වසංගත රෝගයක් පැතිරෙන අවස්ථාවක ගෝචර නොවන සමහර ඉල්ලීම් වලට ඉඩ දීමත් සමාජය තුළ බරපතල තත්වයක් නිර්මාණය කළ බවයි.
ගුරුවරුන් පාරට බැස්සවීමට එවැනි ගොං කම් මනා පිටුවහලක් වූ බව වෛද්‍යයවරයා එම සාකච්ඡාව තුළ අවධාරණය කළේය.
සාකච්ඡාවේ වීඩියෝව පහතින්….
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...