ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ආරාධිත පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ, තරගාවලියේ වීරයා සම්මානය හිමිකරගත් එස්.එල්.සී. ග්‍රේස් කණ්ඩායමේ නායක දසුන් ශානක ඒ වෙනුවෙන් තමන්ට ලැබුණු මුදල දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කළුබෝවිල) වෙත පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.

තරගාවලියේ ඊයේ (24) පැවති අවසන් තරගයෙන් පසුව දසුන් පවසා සිටියේ, කළුබෝවිල රෝහලේ නිත්‍ය වෙන්ටිලේටර් යන්ත්‍රයක අවශ්‍යතාවක් ඇති බවට තමන්ට දැනගැනීමට හැකි වූ බවයි. එනිසා මේ වනවිට රටේ පවතින සෞඛ්‍ය අර්බුධයද සලකා මෙම ක්‍රියාවට සිය දායකත්වය ලබාදීමට තීරණය කළ බවයි

මෙහිදී දසුන් වැඩිදුරටත් පවසා සිටියේ, තමන් මෙන්ම සිය ග්‍රේස් කණ්ඩායමද මෙම සද්කාරයට යම් මුදලක් වෙන් කරන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ආරාධිත පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ග්‍රේස් කණ්ඩායම සමත් විය.

මෙහිදී ඔවුන් එකඳු තරගයක් හෝ පරාජය නොවී අපරාජිත කණ්ඩායමක් ලෙස මෙම ශූරතාව දිනාගැනීම සුවිශේෂී විය.

එහිදී තරගාවලිය පුරා පිත්තෙන් දක්‍ෂතා දැක්වීමට දසුන් සමත් වූයේ ඉනිම් 06කදී අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 258ක් රැස්කරමිනි

වත්මන් ශ්‍රී ලංකා එක්දින මෙන්ම විස්සයි20 කණ්ඩායමේද නිත්‍ය නායකයා වන දසුන්, අවසන් තරගයේදීද පන්දු 17කින් ප්‍රහාරාත්මක ලකුණු 48ක් රැස්කිරීමට සමත් විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More