මැණික් අපනයන කටයුතු මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමය ඔස්සේ සිදු කිරීම සඳහා පහසුකම් සලසා දීමට රජය තීරණය කර තිබේ.
වර්තමානයේ ලොව පුරා ඇති කොවිඩ් වසංගත තත්වය හමුවේ ගුවන් සේවා කටයුතු අඩාල වී ඇති බැවින් ඔන්ලයින් මැණික් අපනයනය සඳහා අවශ්‍ය අවසරය ලබාදෙන ලෙසට අපනයනකරුවන්ගේ ඉල්ලීම් සළකා බලා ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
ජාත්‍යන්තර මෑණික් වෙළෙඳපොළ තුළ මැණික් සඳහා පැවති ඉල්ලුම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත.
එබැවින්, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් මැණික් අපනයන කටයුතුවලදී අය කරනු ලබන ගාස්තු සඳහා යම් සහනයක් ලබා දෙන ලෙසත් ලෙසත් මැණික් කර්මාන්තකරුවන් විසින් ඉල්ලීම් ඉදිරිපන් කර ඇත.
එබැවින්, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් මැණික් අපනයන කටයුතුවලදී අය කරනු ලබන ගාස්තු සඳහා යම් සහනයක් ලබා දෙන ලෙසත් ලෙසත් මැණික් කර්මාන්තකරුවන් විසින් ඉල්ලීම් ඉදිරිපන් කර ඇත.
ඒ අනුව, අදාළ ගාස්තු සංශෝධනය කිරීමටත්, මාර්ගගත ක්‍රමය ඔස්සේ මැණික් හා ස්වර්ණාභරණ අපනයන සිදු කිරීමට අදාළ පහසුකම් සැලසීමටක් හැකි වන පරිදි 1993 අංක 50 දරන ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අයිකාරිය පනත යටතේ අංක 5532/86 දරන 2021 ජුනි 18 දිනැති ගැසට් නිවේදනය මගින් නිකුත් කර ඇති නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම පිණිස කර්මාන්ත අමාත්‍යත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...