දේශීය පුවත්

රජ්‍ය ආයතන සතු රජයේ වාහන අතුරින් දැනට ධාවන තත්ත්වයේ නොමැති වාහන කඩිනමින්‌ අලුත්වැඩියා කර ප්‍රයෝජනයට ගැනීමටත්‌, අලුත්වැඩියා කළ නොහැකි වාහන විධිමන්‌ ක්‍රමවේදයක් අනුගමනය කරමින්‌ නොපමාව අපහරණය කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින්‌ තීරණය කර තිබේ.

ඒ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම්‌ ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්‌ අමාත්‍ය මණ්ඩලයේ අවධානය උදෙසා ඉදිරිපත්‌ කළ කරුණු ඇතුළත් යෝජනාවට සැළකිල්ලට ගෙනය.

දැනට අමාත්‍යාංශ ඇතුළු රජයේ ආයතන, රාජ්‍ය ව්‍යාපාර සහ පළාත්‌ සහා හා පළාත්‌ පාලන ආයතන සතුව වාහන 89,194ක් පවතී. ඒ අතුරින්‌ වාහන 76,661ක්‌ ධාවන තත්ත්වයේ පවතින අතර, වාහන 5,533ක්‌ ධාවනය කළ නොහැකි තත්ත්වයේ පවති.

ධාවනය කළ හැකි වාහන අතුරින්‌ අමාත්‍යාංශ ඇතුළු රජයේ ආයතන සතුව වාහන 33,931ක්‌ ද, රාජ්‍ය ව්‍යාපාර සතුව වාහන 26,395ක්‌ ද, පළාත්‌ සභා භා පළාත්‌ පාලන ආයතන සතු වාහන 16,335ක්‌ ද පවතී.

එසේම, රාජ්‍ය ආයතනවල ඡ්‍යෙෂ්ඨ නිලධාරින්‌ 8,500කට පමණ මාසික දීමනාවක්‌ ලබා දී ඔවුන්ගේ පෞද්ගලික මෝටර්‌ රථ නිල ප්‍රවාහන පහසුකම්‌ සලසා ගානිම සඳහා භාවිත කිරීම පිණිස අනුමැතිය ලබා දී ඇත



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More