දේශීය පුවත්

මැදපෙරදිග රැකියාවල නිරත ශ්‍රමිකයින් යොදා ගනිමින් මෑතක සිට ඔවුන්ගේ මුදල් බැංකු මාර්ගයෙන් මෙරටට ගෙන ඒම වළක්වාලීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව වාර්තා වේ.

එහිදී ජාවාරම්කරුවන් විසින් විදෙස්ගත ශ්‍රමිකයින් සතු මුදල් බැංකු මාර්ගයෙන් මෙරටට එවීම වෙනුවට ඔවුන් සතුව ඇති මුදලට වඩා වැඩි වටිනාකමකින් යුත් රන් බිස්කට් ලබාදී ඒවා දිවයිනට රැගෙන ඒමෙන් පසු මිලදී ගැනීම සිදුකරන බව අනාවරණය වී ඇති බව වාර්තාවේ.

ගුවන් තොටුපොළ ආරංචි මාර්ග වලට අනුව පසුගිය මාසයක පමණ කාලයක සිට සෑම දිනකම විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රමිකයින් සතුව තිබී රන් බිස්කට් හමුවී තිබේ. ඒ අනුව පසුගිය සතිය තුළ පමණක් එලෙස රැගෙන ආ ග්‍රෑම් 100 රන් බිස්කට් 6ක්, ග්‍රෑම් 50 රන් බිස්කට් 3ක් සහ ග්‍රෑම් 30 රන් බිස්කට් 40ක් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බව එම ආරංචි මාර්ග සඳන් කරයි.

ඊට අමතරව මෙම ජාවාරම්කරුවන් විසින් විශාල වටිනාකමකින් යුත් රන් ආභරණ ද සකස් කොට ඒවා ශ්‍රමිකයින්ට පලඳවා මෙරටට එවීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බව හෙළි වී තිබේ.

මෙම ජාවාරම හේතුවෙන් ජාතික ආර්ථිකයට සිදුවන හානිය මෙරට බැංකු වෙත විදෙස් මුදල් පැමිණීම සීමාවීම මගින් මෙරට විදේශ සංචිත ප්‍රමාණය අඩු වීමේ අවදානමක් මතුවීම බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More