ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි බී.මැටරි සහ විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා අතර ද්විපාර්ශවීය හමුවක් අගෝස්තු (20) දින විදේශ අමාත්‍යංශයේ දී පැවැත්විණි.
මෙහිදී විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ වැදගත්කම මෙහිදී අවධාරණය කර සිටි අතර බහුපාර්ශ්වික මූලධර්ම පිළිබඳව රුසියාව ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගීතාවයද මෙහිදී අගය කර සිටීයේය.
රුසියානු තානාපතිවරයා අදහස් දක්වමින් පවසා සිටියේ වෙළදාම, සංචාරක ව්‍යාපාරය, බලශක්තිය, තාක්ෂණය, ආරක්ෂාව ඇතුළු ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමට රුසියාව උනන්දුවෙන් සිටින බවත් හෙතෙම මෙහිදී අදහස් දක්වමින් පවසා සිටි අතර ලංකාව සහ රුසියානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයේ 65 වන සංවත්සරය පිළිබඳවද මෙම ද්වීපාර්ශික හමුවේ දී සාකච්ඡා වුණි.
මෙම ද්වීපාර්ශවික හමුව සඳහා ප්‍රාදේශීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ සහ අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද මෙම හමුවට සහභාගී වුහ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...