ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පක්ෂ මූලස්ථානයේ අද (23) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පවසා සිටියේ රට “ලොක්ඩවුන්” නොකිරීමට කැබිනට් මණ්ඩලයේදී ඒකමතිකව තීරණය කර පසුව රට “ලොක්ඩවුන්” කරන්නැයි ලිපි යවන ඇතැම් ඇමතිවරු සිදුකරන්නේ ඉතාම පහත් ක්‍රියාවක් බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා,
“ගිය සඳුදා තිබිච්ච කැබිනට් මණ්ඩල රැස්වීමේදී රට වහන්නේ නෑ කියලා සියලු කැබිනට් ඇමතිවරු ඒකමතිකව තීන්දුවක් ගත්තට පස්සේ.. ඒ තීරණයට අත උස්සපු සමහරක් ඇමතිවරු එළියට ගිහිල්ලා රජයට ලියුමක් දෙනවා වහාම රට වසාදමන්න කියලා. ඉතාම පහත් ආකාරයේ ක්‍රියාවක්. කැබිනට් මණ්ඩලයේ කතා කරන්න කොන්දක් පණ නැතුව එළියට ගිහිල්ලා ලියුම් ගහලා ඒ ලියුම් ජනාධිපතිට යන්න කලින් මාධ්‍යට කවුරුහරි නිකුත් කරනවා නම් එය ඉතා බැරෑරුම් තත්ත්වයක්. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට බොහොම කනගාටු වෙනවා රට වහන්න වෙච්ච එක ගැන.”
එහිදී විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මාධ්‍යය හමුවට එක්වෙමින්,
“මුළු විපක්ෂයම ඉල්ලන්නේ “ලොක්ඩවුන්” කරන්න කියලා. ඒකට අපෙත් සමහර අය රුකුලක් දෙනවා. බොහොම කනගාටු වෙනවා. කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිතුමා එක්ක එකඟවෙලා එනවා. එළියට ගිහින් කොළ අත්සන් කරනවා රට වහන්න කියලා. ජනාධිපතිතුමාට කැබිනට් මණ්ඩලයෙදි කියන්නේ නෑ. ජාත්‍යන්තර බළල් අතකට අහුවෙලා වගේ අපිට පේන්නේ. සමහරු හිතනවා ඇති තලෙබාන් ගත්තා වගේ මේගොල්ලන්ටත් එහෙම වැඩක් කරන්න පුළුවන් වෙයි කියලා. ජාත්‍යන්තරය බොහොම වේගෙන් අපේ අයව බිලිබාගෙන වගේ පේනවා.” යනුවෙන් පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...