කැබිනට් අමාත්‍යවරුන් සියල්ලන්ගේ අගෝස්තු මස වැටුප කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට ගෙන ආ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමි වූ බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
අග්‍රමාත්‍යවරයා යෝජනාව ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ මෙම මොහොතේ රට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති අතර කෝවිඩ් මර්දන එන්නත් ගෙන ඒම සඳහා ද අති විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බවයි.
ඒ හේතුවෙන් කැබිනට් මණ්ඩලය සියල්ලට ප්‍රථම ආදර්ශයක් ගෙන එමින් මෙම කටයුත්ත සිදු කළ යුතු බවත් අග්‍රාමත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සියල්ලගේ අගෝස්තු මස වැටුප කෝවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කෙරෙනු ඇති.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...