දේශීය පුවත්

රට පුරා සියලුම ගර්භණී මවුවරුන් ට කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමේ විශේෂ එන්නත් සතියක් පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම මස 24 අඟහරුවාදා දින සිට පුරා සතියක් එම විශේෂ එන්නත්කරණ වැඩපිළිවෙල පැවැත්වෙන බවයි පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා ප්‍රකාශ කොට ඇත්තේ.

මේ වනවිට රට තුළ ගර්භනී මවුවරුන් 3,800 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි ද එම මහත්මිය පවසයි.

එයින් මවුවරුන් 850ක් දෙනා මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත් මවුවරුන් 27ක් මේ වනවිට මියගොස් ඇති බවත් ඇය ප්‍රකාශ කරයි

එබැවින් ගර්භණී මවුවරුන් මෙම කොවිඩ් එන්නත ලබා ගැනීම ඉතා වැදගත් බවත් හෙට (24) දින සිට පුරා සතියක් පැවැත්වෙන මෙම විශේෂ එන්නත්කරණ සතිය තුළ තම ප්‍රදේශවල පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට ගොස් නියමිත එන්නත් ලබා ගැනීමට උනන්දුවන ලෙසත් මෙරට සියලුම ගර්භණී මවු වරුන්ගෙන් ඉල්ලා සිටින බව ද විශේෂඥ වෛද්‍යවරිය කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More