දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන වෙනුවෙන් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක තොගයක් අද (23) උදෑසන මෙරටට රැගෙනවිත් තිබේ.

කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් එම එන්නත් මාත්‍රා තොගය රැගෙනවිත් ඇත.

මේ අතර චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් හෙට (24) දිනයේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබේ.

මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ ඊට අමතරව තවත් එන්නත් මාත්‍රා මිලියන දෙකක් අගෝස්තු මාසය අවසන්වීමට පෙර මෙරටට ලැබීමට නියමිත බවය.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් චීන තානාපති කාර්යාලය සදහන් කළේ, මේ වනවිට චීනය විසින් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 13.98ක් ශ්‍රී ලංකාවට ලබාදී ඇති බවය.

එය මෙරට එන්නත් කළ යුතු ජනගහනයෙන් සියයට 95ක ප්‍රතිශතයක් බව චීනා තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

මේ වනවිට මෙරට පුද්ගලයින් 01 කෝටි 20 ලක්ෂ 88,864 දෙනෙකුට කොවිඩ් එන්නත් මාත්‍රා එකක් හෝ ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
ඊට අමතරව පුද්ගලයින් 56 ලක්ෂ 20,254 දෙනෙකුට කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා දී තිබේ.

මේ අතර වයස අවුරුදු 60ට වැඩි මෙතෙක් එන්නත් ලබානොගත් සියලු පුද්ගලයින් පිළිබඳ අද දිනය තුළ තොරතුරු ලබාගැනීමට රජය විශේෂ වැඩපිළිවෙලක් සකස්කර ඇති බව වාර්තා වෙයි.

ගම්මට්ටමින් අදාළ තොරතුරු ලබාගෙන ඉදිරි සතිය තුළ වයස අවුරුදු 60ට වැඩි සියලු පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර හෙට දිනයේ සිට සතියක කාලයක් ගැබිනි මව්වරුන්ට ද එන්නත් ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More