දේශීය පුවත්

ඇෆ්ගනිස්ථානයේ පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන බව ත් එහි ප්‍රවණතා පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ, ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්‍ෂාව , සුරක්ෂිතභාවය සහ ඔවුන් ආරක්‍ෂිත ස්ථානයක් කරා ගෙනයාම හෝ ශ්‍රී ලංකාව වෙත ගෙන ඒම කෙරෙහි මූලික අවධානය යොමු වී ඇති බවයි.

මේ අතර ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීමට සහය ලබා දෙන ලෙස විදේශ අමාත්‍යාංශය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, පාකිස්ථානය යන රටවලින් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ද ඉල්ලීමක් කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අදාළ රටවල තානාපතිවරුන් සමග පැවති සාකච්ඡාවලදී ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සහය ලබා දෙන ලෙස ද ඉල්ලා ඇත.

මේ සඳහා අවශ්‍ය ඕනෑම පහසුකමක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය සූදානමින් සිටින බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.

ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් 86 දෙනා අතරින්, 46 දෙනෙකු මේ වන විටත් ඉවත් කර ගෙන ඇති අතර මේ වනවිට ශ්‍රී ලාංකිකයින් ඇෆ්ගනිස්ථානයෙන් තවත් 20 දෙනෙකු ආපසු පැමිණීමට අපේක්ෂා කරන අතර, ඔවුන් ඉවත් කර ගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය කටයුතු සම්පාදනය කරමින් සිටින බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

මේ අතර, ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු ඇෆ්ගනිස්ථානයේ ම රැඳී සිටීමට කැමැත්ත පළ කොට ඇතැයි ද , අදාළ නිවේදනයේ සඳහන් ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More