ඔක්සිජන් අවශ්‍ය රෝගීන් සඳහා ඔක්සිජන් කිලෝග්‍රෑම් 47ක් අඩංගු සිලින්ඩරයක් රුපියල් ලක්ෂ එකහමාරක මුදලකට අලෙවි කරන බවට තොරතුරු ලැබී තිබේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරන්නේ මෙසේ අලෙවි කිරීම නීති විරෝධී බවත් ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ය.
දැනට මෙරට අවසර ඇති සමාගම් වලට පමණක් එවන් සිලින්ඩරයක් විකිණීමට මිල නියම කර ඇත්තේ රුපියල් 80,000 ක මිලකටයි.
නමුත් කොරෝනා ආසාදිතයන්ගේ ඔක්සිජන් අවශ්‍යතාවය ඉහළ යාම මත සමාජ මාධ්‍ය ඔස්සේ නීති විරෝධී ආකාරයෙන් මෙම වෙළදාමේ යෙදෙන බවට තොරතුරු ලැබී ඇත
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරන්නේ ලියාපදිංචි නොවූ කිසිවකුට ඔක්සිජන් විකිණීම සඳහා මෙරට නීතිමය අවසරයක් නැති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...