දේශීය පුවත්

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් මුදල් ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මගින් ඉල්ලා සිටින්නේ ලෝක තෙල් වෙළෙඳ පොලේ බොර තෙල් මිල සීඝ්‍රයෙන් පහල බසිමින් තිබෙන බැවින් ඉන්ධන මිල පහත දමන ලෙසයි. සම්පූර්ණ ලිපිය පහතින්…

………

බැසිල් රාජපක්ෂ මහතා
මුදල් අමාත්‍ය
මුදල් අමාත්‍යාංශය
කොළඔ 01

ගරු මුදල් අමාත්‍යතුමණි,

ලෝක වෙළද පොලේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩුකිරීමට කරනු ලබන ඉල්ලීමයි.

ලෝක වෙළදපොලේ බොරතෙල් මිල ඉහළයාම හේතුවෙන් ඔබතුමා මුදල් අමාත්‍යවරයා ලෙස පත්වීමට ප්‍රථමයෙන් මෙරට ඉන්ධන මිල ඉහළ දමන ලදී.

2021 ජූනි 11 දින මෙරට ඉන්ධන මිල ඉහළ දමන විට ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 70.91 ක් වූ අතර ජූලි මස 30 වන දින විට ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 73.95 ලෙස වාර්තා වුවද ඉන්පසු දිගින් දිගටම ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල සීඝ්‍රයෙන් පහත වැටුණි. එනම් 2021 අගෝස්තු 20 වන ඊයේ දින වන විට ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 62.14 ලෙස සීඝ්‍රයෙන් පහත බැස තිබේ. එනම් මෙරට අවසාන ඉන්ධන මිල සංශෝධනය කරනු ලබන අවස්ථාවේ ලෝක වෙළද පොලේ බොරතෙල් බැරලයක මිල හා අද වන විට ලෝක වෙළද පොලේ බොරතෙල් බැරලයක මිල සංසන්දනය කිරීමේදී ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 8.77 ක අඩුවීමක් වාර්තා කරයි. එසේ අඩුවූ ප්‍රතිශතය ආසන්න වශයෙන් 12% කි.

ලෝක වෙළදපොලේ බොරතෙල් මිල පුරෝකතනයට අනුව 2021 අගෝස්තු මස සිට 2022 පෙබරවාරි මස දක්වා ලෝක වෙළදපොලේ බොරතෙල් මිල දිගින් දිගටම පහළයාමක් පෙන්නුම් කරන අතර නැවතත් 2021 ජූනි 11 දින බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ 2022 පෙබරවාරි මාසයේය එම මිලත් ඇ: ඩො 68.47 කි.

ඒ අනුව පෙනී යන්නේ මෙරට ඉන්ධන පාරිභෝගිකියින්ට දැනෙන ඉන්ධන සහනයක් ලබා දීම සදහා මෙරට ඉන්ධන මිල අඩුකල හැකි බවයි. රට වසා දමැ ඇති මෙම අවස්ථාවේ ඉන්ධන මිල අඩුකිරීම මෙරට පාරිභෝගිකියින්ට ඉතාම වාසිදායක තත්වයක් වන්නේ ජංගම වෙළද රථවලට හා අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සදහා එම සහනය ලැබෙන බැවිනි. තවද මෙම අවස්ථාවේ ඉන්ධන භාවිතා කරන්නේ අත්‍යාවශ්‍ය රාජකාරී සදහා පිටව යන සෞඛ්‍ය සේවා වැනි අත්‍යාවශ්‍ය සේවා වල නිරතවන පුද්ගලයින්ට වන හෙයිනි. තවද ඉන්ධන මිල අඩු කිරීම නිසා නිෂ්පාදන පිරිවැය අඩුවීමේ වාසිය මෙරට පාරිභෝගිකයාට ලබාගත හැක.

ලෝක වෙළදපොලේ බොරතෙල් මිල අඩුවීමේ වාසිය ඉන්දියන් ඔයිල් සමාගම ලබා ගැනීම නිසා එම සමාගම අධික ලෙස ලාභ ලබන අතර එම නිසා මෙරට මුදල් විදේශ රටවලට ඇදීයාම සිදුවනු ලබයි. එහි වාසිය මෙරට නිෂ්පාදකයා වෙත ලබාදීම මගින් දේශිය ව්‍යාපාරිකයා ශක්තිමත් කිරීම සිදුවනු ලබයි.

ලෝක වෙළද පොලේ බොරතෙල් බැරලයක මිල සීඝ්‍රලෙස අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබාදීම සදහා මෙරට ඉන්ධන මිල නැවත සංශෝධනය කරන ලෙස ඔබතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

මීට විශ්වාසී,
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More