ඊයේ (20) වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍යය සාකච්ඡාවකදී වෙළෙඳ අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා වැඩිමිලට හාල් විකුණුවහොත් උපරිම දඩ මුදල රුපියල් කෝටිය දක්වා වැඩි කර ඇති බව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසනු ලැබුවේය. එහිදී අප සමඟ අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක, වෛද්‍යය වසන්ත බන්ඩාර මහතා පවසා සිටියේ, ” වී කිලෝ එකකට රුපියල් 60ක් වත් අඩුම තරමේ ගෙවන්නේ නැති නම් වී ගොවියාට පැවැත්මක් නැහැ. ඒ වගේම එම මුදල ගොවියාට ගෙවනවානම් කුඩා සහ මධ්‍යයම පරිමාණ සහල් මෝල් හිමියාට සිල්ලර සහල් වෙළෙන්දට සාධාරණ ලාභයක් තබාගෙන සහල් විකිනීමට සිදුවෙනවා.හාල් කිලෝ එක රුපියල් 110 ට මිලදී ගන්නා පාරිභෝගිකායාට වේලකට වැඩි පුර වැය වන්නේ රුපියල් 1.50ටත් වඩා අඩු මුදලක්. මේ සොච්චම් මුදල වැඩිපුර ගෙව්වාට පාරිභෝගිකයා වඳ වී යන සත්වයෙක් බවට පත් වන්නේ නැහැ. ඒ වෙනුවට වී ගොවියා තම වෘත්තීය තුළ සුරක්ෂිත වෙනවා. ඒ වගේම රටේ ආහාර සුරක්ෂිතතාවය සුරැකෙනවා. වී ගොවියා, කුඩා සහ මධ්‍යයම පරිමාණ සහල් මෝල් හිමියා, හාල් වෙළෙන්දා එකවර විනාශ මුඛයට යන මෙවැනි ඔලමොට්ටල තීන්දු ගන්න බන්දුල ගුණවර්ධන ඇමති තුමාට දෙවියන්ගේ හාල් කැවිලා වෙන්න ඕන. එහෙම නැතිනම් 1960 දශකයේ අපෙ රටේ වී ගොවිතැන ඇතුළු සමස්ත කෘෂි කර්මාන්තයම වල පල්ලට යැවීමට ඇරඹි හරිත විප්ලවය නම් මානව විරෝධී දේශ ද්‍රෝහී කුමන්ත්‍රණයේ මෙන්ම ඡන්ද ලක්ෂ 40ක් පමණ ආණ්ඩුවට අහිමි කරණ කුමන්ත්‍රණයේ ප්‍රමුඛතම ගොදුර වෙළෙඳ අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා විය හැකියි. මෙවැනි ඔලමොට්ටල තීන්දු ගන්නා තෙක් බලා හිඳින කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන්ද අපට ඇත්තේ බරපතල ගැටළුවක්. පාන් ගෙඩියට රුපියල් 5ක් සහ කිඹුලා බනිස් එකකට රුපියල් 10ක් ලෙස මිල වැඩි කරද්දී පූස් පැටියෙකු මෙන් සිටින වෙළෙඳ ඇමතිවරයා වී ගොවියාගෙන්, කුඩා සහ මධ්‍යයම පරිමාණ සහල් මෝල් හිමියාගෙන් සහ සහල් වෙළෙන්දන්ගෙන් එලවා දඩ එකතු කිරීම පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙසයි අප නම් සලකන්නේ.” යනුවෙන් පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...