ව්‍යාපාරික පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් 2018 වසර සඳහා ශ්‍රී ලංකාව සමඟ පැවැත්වූ හතරවන වගන්තිය (Article IV) සම්බන්ධ සාකච්ඡා අවසන් කර, තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමට අදාළ සිව්වන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, ඒ අනුව විශේෂ ගැනුම් හිමිකම් මිලියන 177.774 ක (දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 252 ක) පස්වන වාරිකය මුදා හැරීම අනුමත කළේ ය. ශ්‍රී ලංකා රජයේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සහ ගෙවුම් තුලනය සඳහා සහාය දැක්වීම විස්තීර්ණ ණය පහසුකමෙන් අරමුණු කෙරේ.

රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව, විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්තිය සහ ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ යන වඩා දියුණු ප්‍රතිපත්ති රාමුවක් තුළින් ආර්ථිකය ස්ථායී කිරීමට සහ ආර්ථික වර්ධනයට අනුබල දීමට බලධාරීන් විසින් දැරූ ප්‍රයත්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පිළිගෙන ඇත. නව දේශීය ආදායම් පනත බලාත්මක කිරීම, ස්වයංක්‍රීය ඉන්ධන මිල නියම කිරීමේ සූත්‍රය ක්‍රියාත්මක කිරීම සහ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ පෙර දැක්ම ඇතුළු ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණවල ප්‍රධාන කඩඉම් අත්කර ගැනීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් බලධාරීන් ව ඇගැයීමට ලක්කර ඇති අතර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ මෙම වේගය තවදුරටත් තිරසාර ව පවත්වා ගැනීමේ වැදගත්කම ද අවධාරණය කර ඇත.

මෙම පස්වන වාරිකය මුදා හැරීම සමඟ විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදු කළ සමස්ත මුදා හැරීම් ප්‍රමාණය විශේෂ ගැනුම් හිමිකම් මිලියන 715.23කට (දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 1,014කට) සමාන වේ. විස්තීර්ණ ණය පහසුකම අඛණ්ඩ ව ලැබීම මගින් බාහිර කම්පනයන්ට ඔරොත්තු දීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ශක්තිමත් කර ගැනීමටත්, සාර්ව ආර්ථික ස්ථායීතාව වර්ධනය කර ගැනීමටත් හැකි වන අතර, එ මගින් මැදි කාලීන ආර්ථික වර්ධනය අත්කර ගැනීමට සහ වෙළෙඳපොළ විශ්වාසය ඉහළ නංවා ගැනීමට හැකි වනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More