දේශීය පුවත්

ඊයේ (20) වෙළෙඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍යය සාකච්ඡාවකට සහභාගි වෙමින් වෙළෙඳ අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ ඉහළ යන හාල් මිල පාලනය කිරීම සඳහා අගෝස්තු 19 වනදා සිට නව ගැසට් පත්‍රයක් මගින් සහල් මිල පාලනයට අදාලව පනවා ඇති දඩ මුදල් රුපියල් කෝටිය දක්වා වැඩි කර ඇති බවයි.

එහිදී අමාත්‍යයවරයා අනාවරණය කර සිටියේ ඉහළ යන සහල් මිල පාලනය කිරීමට පකිස්ථානයෙන් සහල් මෙට්‍රික් ටොන් 6000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවත් අදාල ණයවර ලිපි නිකුත් කර ඇති බවත්ය. තවද, වී අලෙවි මණ්ඩලය සහ වී මෝල් හිමියන් හැර වී තොග රැස් කර තබාගෙන සිටින අතරමැදියන්ගේ වී තොග වටලා රජයට පවරා ගැනීමටද කටයුතු කරණ බවද අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ පාරිභෝගික කටයුතු නියෝජ්‍යය අමාත්‍යය ලසන්ත අලගියවන්න මහතාට අනුව 19 වනදා නිකුත් කළ ගැසට් පත්‍රය මගින් මෙතෙක්, තනි ව්‍යාපාරයක් මගින් වැඩි මිලට සහල් අලෙවි කිරීමේදී අවමය රුපියල් 1000 සහ උපරිමය රුපියල් 10000 ලෙස පැවතුණු දඩය අවමය රුපියල් 100000ක් සහ උපරිමය රුපියල් 500000ක් ලෙසත් ඉහළ දමා ඇති බව පැවසුවේය.

එලෙසම තනි ව්‍යාපාරයක් විසින් දෙවෙනි වතාවටත් සහල් වැඩි මිලට විකුණා අසු වුවහොත් දඩය රුපියල් අවමය රුපියල් 2000 සහ උපරිමය රුපියල් 20000 අතර තිබුණු දඩ මුදල අවමය රුපියල් 200000 සහ උපරිමය රුපියල් 1000000 ලෙස සංශෝධනය කර ඇති බව පැවසුවේය. කෙසේ වුවද යම් සමාගමක් මෙම වරදවල් වලට අසුවුවහොත් අවම දඩය රුපියල් 500000 ක් සහ උපරිමය රුපියල් 10000000 ලෙස සංශෝධනය කර ඇති බවත් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More