දේශීය පුවත්

ශ්‍රී ලංකාව මේ වන විට දැඩි විදේශ විනිමය අර්බුදයක සිටින බව රහසක් නොවේ. මේ හේතුවෙන් ඒක්සත් ජනපද ඩොලරයට පමණක් නොව අනෙකුත් විදේශ විනිමය හමුවේ පවා ශ්‍රී ලංකා රුපියල සීඝ්‍රයෙන් අවප්‍රමාණය වෙමින් පවතින බව අප සියලු දෙනා දන්නා කරුණකි.

පවතින තත්ත්වය මත ඇමරිකානු ඩොලරයක සැබෑ රුපියල් අගය කොපමණද යන්න නිශ්චිත නැත. ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා පවසන පරිදි ඒක්සත් ජනපද ඩොලරයක් සඳහා මහ බැංකුව විසින් ප්‍රකාශ කරනු ලබන විනිමය අනුපාතිකය රටේ නිල විනිමය අනුපාතිකය වේ. කෙසේ වෙතත් ඔබ ඔබේ ක්‍රෙඩිට් පත භාවිතයෙන් ඩොලර් මුදල්වලින් යම් පියවීමක් සිදුකළ හොත් ඒහිදී මහ බැංකුව සඳහන් කරනවාට වඩා වැඩි රුපියල් ප්‍රමාණයක් අයකෙරෙන බව පැහැදිලිය.

මීට හේතු වී තිබෙන්නේ ක්‍රෙඩිට් හෝ ඩෙබිඩ් කාඩ්පතකින් යම් ඩොලර් ගෙවීමක් සිදුකළහොත් ඒ සඳහා විදේශ විනිමය ගැළපුම් ගාස්තුවක් අය කිරීමට අදාළ බැංකුව විසින් පියවර ගැනීමයි. ඒම ගාස්තුව මේ දක්වා පැවතියේ අදාළ ගෙවීමෙන් 2.5% ක් පමණ අගයයකි. කෙසේ වෙතත් බැංකු විසින් මෙම ගාස්තුව ඉහළ නැංවීමට මේ වන විට පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් HSBC බැංකුව සිය වෙබ් අඩවියෙහි සඳහන් කර සිටින්නේ අදාළ ගාස්තුව 2.5% සිට 7% ක් දක්වා ඉහළ නංවනු ලබන බවයි. මෙය 2021 අගෝස්තු 25 දින සිට ක්‍රියාත්මක වන බව ඒම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. මීට අමතරව තවත් 5%ක සැකසුම් ගාස්තුවක් අය කෙරෙන බව ද ඒහි සඳහන් වේ.

Exchange rate movements
To accurately reflect current exchange rate movements in Sri Lanka, the rate of exchange adopted by payment schemes (Visa / MasterCard) at the time of billing will be increased from 2.5% to 7% on overseas transactions on your credit / debit card, effective 25 August 2021. This change is in order to ensure that we price foreign currency transactions in line with the cost we source them as the rates used by payment schemes are materially below the market rates.

A processing fee of 5% will be levied on transactions to overseas merchants (who may be located overseas or online) billed in LKR, including Dynamic Currency Conversion transactions, effective 25 August 2021.

මීට අමතරව දේශීය වශයෙන් ක්‍රියාත්මක බැංකු ද මෙම පියවර අනුගමනය කිරීමට පියවර ගෙන ඇත. සම්පත් බැංකුවට අනුව 2020 සැප්තැම්බර් 01 සිට අය කෙරෙන ගාස්තුව 6% කි.

Exchange Rate applicable for foreign currency transactions on Credit Cards
Foreign currency transactions will be converted using exchange rates determined by the payment scheme. Further, an additional amount of 6% will be added to the rate, in order to reflect the current local exchange rates.
*Revised interest rate will be effective from 01st September 2020.

කොමර්ෂල් බැංකුව ගාසතු අයකරන ආකාරය මෙසේ සඳහන් කර ඇත.
CHARGE ON CONVERSION OF FOREIGN EXCHANGE TRANSACTIONS
All Card Transactions afected in currencies other than Sri Lankan Rupees will be debited to the Card Account after conversion into Sri Lankan Rupees at a rate of exchange determined by the exchange rate adopted by the relevant payment card organization on the date of conversion, plus an additional percentage levied by the Bank and any transaction fee(s) charged by the relevant payment card organization to the Bank

හැටන් නැෂනල් බැංකුව පවසන පරිදි මෙම ගාස්තුව 6% කි.
Forex margin 6% (w.e.f 27th August, 2021)

“මහ බැංකුව ක්‍රෙඩිට් කාඩ් සඳහා අය කළ හැකි පොළිය සම්බන්ධයෙන් ඉහළ සීමාවක් පනවලා තියෙනවා. ඒය වාර්ෂිකව 18% ක්. ඊට අමතරව මහ බැංකුව විසින් වෙනත් ගාස්තු නියම කිරීමක් සිදුකර නැහැ. මේ පිළිබඳව අදාළ බැංකුවලින්  සොයාබැලීමක් සිදුකිරීමට අවශ්‍යයි. මෙය ‌ක්‍රෙඩිට් කාඩ්වලින් සිදුකරන විදේශ විනිමය ගනුදෙනු සම්බන්ධ කාරණයක්. මහ බැංකුවේ විදේශ මෙහෙයුම් දෙපාර්තමේන්තුව මේ පිළිබඳ කටයුතු කරනවා”, යැයි මෙම කරුණ සම්බන්ධයෙන් කළ විමසීමක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය කියා සිටියාය.

ක්‍රෙඩිට් කාඩ්පත් හරහා විදෙස් ගෙවීම් සිදුකිරීමේ දී දැඩි සීමාවන් පනවා ඇති බව පසුගිය දින කිහිපය තුළ වාර්තා විය. රට මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදය ඊට ප්‍රධාන හේතුවයි. ඒසේම යම් ගෙවීමක් කිරීමේ දී ඒ සඳහා අතිරේක වශයෙන් කොපමණ ගාස්තුවක් ගෙවිය යුතුද යන්න ගැන ද දැන් කල්පනාකාරී විය යුතු වේ.

මහ බැංකුව ඩොලරය රු. 202 ක් කීව ද ඉහත කී ආකාරයෙන් ඒක් ඒක් ගාස්තු ගැළපීමෙන් අනතුරුව ඩොලරයක් සඳහා රු. 220 ක් ඉක්ම වූ මුදලක් ගෙවීමට සිදුවුවහොත් ඒ ගැන පශ්චාත්තාපයක් ඇති නොවීමට නම්, ‌මෙවැනි ගෙවීමක් සිදුකිරීමට පෙර ඔබ ඔබේ බැංකුව අමතා අයකෙරෙන ගාස්තු සහ කොන්දේසි පිළිබඳව පූර්ව අවබෝධයක් ලබා ගැනීම හිතකර වනු ඇත.

(අද දෙරණ “Biz News” අනුග්‍රහයෙනි…)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More