ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලු විසඳීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව මුදල් අමාත්‍යංශ්‍ය වෙත භාරදුන් බව එම අමාත්‍යය මණ්ඩල අනු කමිටුවේ ප්‍රකාශකයෙකු මාධ්‍යය වෙත පවසා සිටියේය.
මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ අමාත්‍ය මණ්ඩල අනුකමිටු සාමාජිකයින් අතර ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලු විසඳීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (20) පස්වරුවේ පැවැත්වුණු බව වාර්තා විය.
ඒ අනුව අනුකමිටුව විසින් සකස් කළ වාර්තාව සම්බන්ධව මුදල් අමාත්‍යංශ නිලධාරීන් විසින් එය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මීළඟ කැබිනට් රැස්වීම සඳහා එය ඉදිරිපත් කිරීමට තීරණය වී තිබේ.
වාර්තාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත භාරදීමෙන් අනතුරුව කමිටු සාමාජික අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලු විසඳීම සඳහා සිය වාර්තාවෙන් යෝජනා රැසක් ඉදිරිපත් කර තිබෙන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...