දේශීය පුවත්

අතිගරු ජනාධිපතිතුමනි
පාර්ලිමේන්තු වැටුප කොවිඩ් 19 අරමුදලට බැරකිරිම

කෝවිඩ්-19 ලෝක ව්‍යසනය තුළ ශ්‍රී ලාංකේය ඉතිහාසයේ කිසිදිනෙකත් නොවූ විරූ අයුරින් රාජ්‍ය මූල්‍ය අර්බුදයක් සහ විදේශ විනිමය අර්බුදයක් උත්සන්නව පවතී. මේ බව මා විසින් ලියන ලද පොත් වලින් සහ ප්‍රකාශ වලින් පැහැදිලි කරනු ලැබූවද ඒ සඳහා ප්‍රමාණවත් ජාතික අවධානයක් යොමු ව නැත.

2020 වර්ෂයේ දී රජයේ මුළු බදු ආදායම රුපියල් බිලියන 1216ක් වූ අතර, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා වැය කළ මුදල රුපියල් බිලියන 1052කි. රජයේ මුළු බදු ආදායමින් 86%ක් රාජ්‍ය සේවකයින් හා විශ්‍රාමිකයින් සඳහා කැප කළ විට ඉතිරිවන 14% (රුපියල් බිලියන 164)න්, ආණ්ඩුව තුළින් අපේක්ෂිත මහජන සේවාවන් සලසන්නේ කෙසේද?

මෙවන් තත්වයක් තුළ, අප රටෙහි මේ දුෂ්කරතම තීරණාත්මක පැයෙහිදී, මහජන නියෝජිතයෙකු වශයෙන් මට කළ හැකි එක් කාර්යයක් වශයෙන්, කොවිඩ් 19 වසංගතය මුළුමනින්ම පාලනය කරන තෙක්, මට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කිරීමය. ඒ අනුව, 2021 අගෝස්තු මස සිට මාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප කොවිඩ් 19 අරමුදලට බැර කිරීමට, පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත දන්වා යවන බව ඔබතුමාට කාරුණිකව දැනුම් දෙමි.

මා දයාබර

ආචාර්ය බන්දුල ගුණවර්ධන
වෙළෙඳ අමාත්‍ය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More