දේශීය පුවත්

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකුගේ තනතුරු වෙනස්කම් සිදු කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී තිබේ. කොවිඩ් මර්දන කටයුතු සඳහා ඉහළ නිලධාරීන්ගෙන් සක්‍රිය දායකත්වයක් නොලැබීම මීට හේතුව බව ආණ්ඩුවේ ආරංචිමාර්ග සනාථ කළේය.

විශේෂයෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගෙන් ලැබෙන දායකත්වය ප්‍රමාණවත් නොවන බව වාර්තා වී ඇති බැවින් තනතුරු සංශෝධනය කඩිනම් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.

මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීම්වලදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට කරුණු පැහැදිලි කර තිබේ.

වෛද්‍ය අසේල ගුණවර්ධනට වෙනත් තනතුරක් ලබාදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධුරයට විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා පත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ. ඔහු මේ වනවිට සීඝ්‍රගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි. මෙම තනතුරට පත් කිරීමට පෙර කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා II) ‍ලෙසද කටයුතු කර තිබේ.

මෙම තනතුරු සංශෝධනයට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමටද ආණ්ඩුව තීරණය කර ඇත.

මේ අතර කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රධාන පෙළේ රෝහල් දෙකක අධ්‍යක්ෂවරුන් මාරු කිරීමටද සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More